පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
469/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) යහපාලන රජය ආරම්භ වූ දින සිට 2018 අගෝස්තු මස දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ බඳවා ගැනීම්වලට අදාළව,
(i) බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව;
(ii) තනතුරු නාම;
(iii) ක්‍රමවේදය;
(iv) පුරප්පාඩු පැවති දිස්ත්‍රික්ක;
කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම රැකියාලාභීන්ගෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන,
(i) සේවක සංඛ්‍යාව,
(ii) තනතුරු,
කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) යම් රාජ්‍ය ආයතනයක පුරප්පාඩුවක් ඇති වුවහොත්, එම ආයතනය පිහිටා ඇති ප්‍රදේශයේ සිටින සුදුස්සන් සඳහා එම රැකියා අවස්ථාව ලබාදිය යුතු බවත්, එමඟින් අදාළ කාර්යයන් වඩා කාර්යක්ෂමව සිදුකළ හැකි බවත් එතුමා පිළිගන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ)
(ආ) ඔව්. (i), (ii)
(ඇ) රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී අදාළ පුරප්පාඩුවට සුදුසුකම් සපුරා ඇති ඕනෑම පුරවැසියෙකුට අයදුම් කළ හැකි අතර, එසේ බඳවා ගන්නා ලද නිලධාරියා දිවයිනේ කවර ප්‍රදේශයක වුවද සේවය කිරීමට තම සේවා ව්‍යවස්ථාවෙන් බැඳී ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks