01

E   |     |  

 දිනය: 2019-03-12   පිළිතුර ලබා දී ඇත 

0463/2019: වැව්වලට අයත් භූමිවල අනවසර පදිංචිකරුවන්: පුත්තලම දිස්ත්‍රික්කය

463/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුත්තලම දිස්ත්‍රික්කයේ  පිහිටි වැව් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම වැව්වල නම් කවරේද;

           (iii)      එම එක් එක් වැවට අයත් භූමිවල දැනට අනවසරයෙන් රැදී සිටින හා වගා කටයුතු වල නිරත වන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙම වැව් සතු භූමිවල අනවසරයෙන් රැදී සිටින හා වගා කටයුතුවල නිරත පවුල් ඉවත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-12

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් සංඛ්‍යාව 23කි.

                        ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සුළු වැව් සංඛ්‍යාව 1,203කි.

              (ii)        වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අදාළ වැව් පිළිබඳ විස්තර ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

                        ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ වැව් පිළිබඳ විස්තර ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

ඇමුණුම් සභාගත* කරමි.

(iii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව - ඇමුණුම 03 මඟින් දක්වා ඇත. 

අනවසර පදිංචිකරුවන්

අනවසර වගාකරුවන්

13

225

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - ඇමුණුම 04 මඟින් දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.

(iv) වාරිමාර්ග දෙපාර්තමේන්තුව - අනවසර පදිංචිකරුවන් දහතුන්දෙනා ඉවත් කිරීම සඳහා නීතිමය පියවර ගැනීම හෝ ඔවුන්  වෙනත් ස්ථානයක පදිංචි කිරීමට අනෙකුත් අදාළ ආයතන සමඟ එකඟතාවට එළඹ කටයුතු කිරීමට නියමිතය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත අනුව නීතිමය ක්‍රියා මාර්ග ආරම්භ කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks