01

E   |     |  

 දිනය: 2019-03-11   පිළිතුර ලබා දී ඇත 

0460/2019: පුත්තලම් දිස්ත්‍රික්කයේ යෝජිත පළාත් පාලන ආයතන: විස්තර

460/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පුත්තලම් දිස්ත්‍රික්කය තුළ අලුතින් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇති පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීමේදී සලකා බලන කරුණු කවරේද;

            (ii)       එම පළාත් පාලන ආයතනවලට අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-11

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේදී සහ පවතින පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමේදී පහත සඳහන් මූලික නිර්ණායක 06 යටතේ ඇති සංවර්ධන දර්ශක 42ක් මත බර තැබීම් සිදු කොට ලකුණු ලබා දීම සිදු කරනු ලබයි.

*     ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය

*     නිවාස ප්‍රමාණය හා ඝනත්වය

*     සේවා සම්පාදනය හා යටිතල පහසුකම්වල දියුණුව

* වාණිජ හා කර්මාන්ත ආයතන ව්‍යාප්තිය

* සේවා නියුක්තිය

* යෝජිත ආයතනයේ බල ප්‍රදේශයේ ස්වයංජනිත ආදායම

(ii) පුත්තලම දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම් සහ සංස්ථාපනය කිරීම් සඳහා ලද යෝජනා පිළිබඳ දිස්ත්‍රික් කමිටු මඟින් දැනට ඇගයීම් කටයුතු සිදු කරමින් පවතී. අදාළ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ නිර්දේශය සහිතව දිස්ත්‍රික් කමිටු මඟින් නිර්දේශිත වාර්තා ලද පසුව එම පළාත් පාලන ආයතනවලට අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිළිබඳ තොරතුරු නිශ්චිතව ලබා දිය හැකිය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks