02

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0458/2019: රෝහල්, මධ්‍යම බෙහෙත්ශාලා සහ ආයුර්වේද රෝහල්: පුත්තලම දිස්ත්‍රික්කය

458/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වයඹ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල්,      මධ්‍යම බෙහෙත්ශාලා සහ ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ස්ථානවල නම් කවරේද;

(iii) ඉහත එක් එක් සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද‍;

(iv) එම සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවක පුරප්පාඩු පවතීද;

(v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

(vi) එම සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමට සහ සේවක පුරප්පාඩු පිරවීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් සංඛ්‍යාව - 48

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ආයුර්වේද රෝහල් සංඛ්‍යාව - 03

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මධ්‍යම බෙහෙත් ශාලා සංඛ්‍යාව - 07

(ii) පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල්වල නම් ඇමුණුම් අංක 01 හි (i) සිට (iii) මඟින් දක්වා ඇති අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලාවන්හි නම් ඇමුණුම් අංක 01හි (iv) මඟින් දක්වා ඇත.

(iii) සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව ඇමුණුම් අංක 02හි (i) සිට (xii) මඟින් ද, ආයුර්වේද හා ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවල සේවයේ නියුකු මුළු සේවක සංඛ්‍යාව ඇමුණුම් අංක 02 (xiii) මඟින් ද දක්වා ඇත.

(iv) ඔව්.

(v) සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවක පුරප්පාඩු ඇමුණුම් අංක 03හි (i) සිට (xvii) මඟින් ද, ආයුර්වේද රෝහල් හා ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවල සේවක පුරප්පාඩු ඇමුණුම් අංක 03හි (xviii) මඟින්ද දක්වා ඇත. ඇමුණුම් සියල්ල සභාගත* කරමි.

(vi) ඔව්.

සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමට ගනු ලබන පියවර

ලැබෙන සීමිත ප්‍රතිපාදන මත එක් එක් රෝහල්වල අඩු පාඩුවල ප්‍රමුඛතාව අනුව මුදල් යොදවා එම අඩු පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගැනීම.

සේවක පුරප්පාඩු පිරවීමට ගනු ලබන පියවර

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks