01

E   |     |  

 දිනය: 2019-03-22   පිළිතුර ලබා දී ඇත 

0456/2019: කිනිපිටිය වැව : ප්‍රතිසංස්කරණය

456/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මාදම්පේ, ඓතිහාසික තනිවැල්ල දේවාලය අසළ කිනිපිටිය වැව නමින් වැවක් තිබෙන බව දන්නේද;

             (ii)      එසේ නම්, එම වැවේ ජලයෙන් වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එමඟින් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව කොපමණද;

(iv) අද වනවිට එම වැවේ විවිධ ජලජ ශාක වැඩී වැව ඉතා අබලන් තත්ත්වයට පත්වී තිබෙන බව දන්නේද;

(v) එසේ නම්, එම වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-22

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

*  சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       ඔව්.

               (ii)       මාදම්පේ, ඓතිහාසික තනිවැල්ල දේවාලය අසල කිනිපිටිය වැවේ ජලයෙන් අක්කර 350 ක් පමණ වගා කරනු ලබයි.

              (iii)       කිනිපිටිය වැව් ජලයෙන් ගොවි පවුල් 200ක් පමණ ප්‍රතිලාභ ලබයි.

              (iv)       ඔව්.

               (v)       මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ මුදල් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත්, වයඹ පළාත් සභාව ඒ යටතේ

රුපියල් 850,000.00 ක මුදලක් 2018 වර්ෂය සඳහා වෙන් කරන ලද අතර, ජලජ ශාක ඉවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව ඉදිරි මාස කීපය තුළදී එය අවසන් කළ හැකි අතර,

1. ගංවතුර වැළැක්වීම සඳහා පෙට්ටි බෝක්කුවක් යෙදීම.

2. වැවට ජලය ලබාගන්නා යකඩ දොරවල් 03 අබලන් තත්ත්වයේ ඇති බැවින් ඒවා දැමීම.

3. ප්‍රධාන අමුණේ ඇති පැරණි දොරවල් 05 අලුතින් දැමීම සහ ගංවතුර කාලයේදී එහි ආරක්ෂාවට විදුලිය ලබා ගැනීම.

4. කඩුපිටිය ඔයේ කෝලිමඩුව ප්‍රදේශයේ ගංවතුරට හානි වී ඇති බැම්ම සකස් කිරීම යන කටයුතු ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ සිදු කර ගංවතුර පාලනය කිරීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks