පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
454/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ,
(i) සංචාරක ආකර්ෂණ ස්ථාන;
(ii) සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සපයන ආයතන;
(iii) තරු අනුව වර්ගීකරණය කළ හෝටල් සංඛ්‍යාව නම් වශයෙන්;
(iv) ඉංග්‍රීසි අක්ෂර අනුව වර්ගීකරණය කළ අවන්හල් නම් වශයෙන්;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2017 වර්ෂය තුළ අමාත්‍යාංශය මඟින්,
(i) සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කළ වැඩසටහන් කවරේද;
(ii) ඒ වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉදිරි වර්ෂය තුළදී වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සකස් කර ඇති විශේෂ සැලසුම් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-09
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1) ශ්‍රී දළදා මාලිගාව සහ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි දේවාල
2) ඇම්බැක්කේ විහාරය
3) ගඩලාදෙණිය විහාරය
4) නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය
5) අම්බුළුවාව
6) කොත්මලේ ජලාශය
7) කොත්මලේ මහවැලි මහා සෑය
8) පේරාදෙණිය උද්භිද උද්‍යානය
9) පේරාදෙණිය විශ්වවිද්‍යාලය
10) උඩවත්ත වනාන්තරය
11) කටුකැලේ කෝවිල
12) බහිරවකන්ද විහාරය
13) මහනුවර ජාතික කෞතුකාගාරය
14) බෝගම්බර වැව
15) හුන්නස්ගිරිය සහ හුන්නස්ගිරි ඇල්ල
16) නකල්ස් කඳුවැටිය
17) දොළුව රජමහා විහාරය
(ii) ඇමුණුම 1*
(iii) ඇමුණුම 2*
(iv) ඇමුණුම 3*
(ආ) (i) * සංචාරක ආකර්ෂණය වර්ධනය සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කය සඳහාද පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
1) කොත්මලේ මහවැලි මහාසෑය ආශ්‍රිත සංචාරක පහසුකම් සංවර්ධනය.
2) හැටන් දුම්රිය ස්ථානය ආශ්‍රිත සංචාරක පහසුකම් සංවර්ධනය.
3) ගඩලාදෙණිය රජමහා විහාරයේ යටිතල පහසුකම් සංවර්ධනය.
4) නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය.
5) සංචාරක පහසුකම් මධ්‍යස්ථානවල පහසුකම් සංවර්ධනය කිරීම. (මහනුවර, දඹුල්ල, මාතලේ)
* ප්‍රජා සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
1) මහනුවර දිස්ත්‍රික්කයේ හිල්ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
* මානව ප්‍රාග්ධන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
1) ත්‍රෛමාසික සත්කාරක සේවා පුහුණු පාඨමාලා
2) සංචාරක සේවා සපයන්නන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන්
(ii) මළු ප්‍රතිපාදන මහනුවර
ප්‍රමාණය දිස්ත්‍රික්කය සඳහා
(රු.මිලි) ප්‍රතිපාදන ප්‍රමාණය (රු.මිලි)
1) සංචාරක ආකර්ෂණය වර්ධනය
සඳහා වූ වැඩසටහන් 162.28 41.9
2) ප්‍රජා සංචාරක සංවර්ධන
වැඩසටහන් 41.86 2.5
3) මානව ප්‍රාග්ධන සංවර්ධන
වැඩසටහන් 18.92 4.1
(iii) 2017 වර්ෂයේ සංචාරක පොලිස් ඒකකවල සංවර්ධනය සඳහා මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කළ අතර එයින් මහනුවර පොලීසිය සඳහා ද උපකරණ ලබා දීම.
(ඇ) පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංචාරක ආකර්ෂණය කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහන් 2ක් ක්‍රියාත්මක කර ඇත.
1) දින 45ක් ඇතුළත නිම කරනු ලබන සංචාරකයන් තුළ විශ්වාසය තහවුරු කිරීමේ වැඩසටහන් (PR campaigns). මෙය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවල් 10 තුළ ක්‍රියාත්මක වේ.
2) මාස 6ක් තුළ ක්‍රියාත්මක සංචාරක ප්‍රවර්ධන කඩිනම් වැඩසටහන් (Marketing campaigns).
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks