පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
451/’19
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයස අවුරුදු 70 සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ගෙවීමට වෙන් කරන ලද මාසික දීමනාව රු. 2000/-ක් බවත්;
(ii) 2016 ජනවාරි මාසයේ සිට එම මුදලින් රු. 100/-ක් නොගෙවා රඳවා ගන්නා බවත්;
(iii) මෙලෙස රඳවා ගන්නා මුදල සමාජ ආරක්ෂණ අරමුදල නමින් ගිණුමකට රැස්කරන බව නිලධාරින් දන්වා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙලෙස වැඩිහිටි දීමනාවෙන් මුදල් අයකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වන විරෝධය මත එම මුදල අය කිරීම අත්හිටුවීමට ක්‍රියා කරන්නේද;
(ii) මේ වනතෙක් අයකරගෙන ඇති මුදලේ එකතුව කොපමණද;
(iii) එම මුදලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපත පිණිස මේ දක්වා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වයස අවුරුදු 70 සම්පූර්ණ කළ පුරවැසියන්ට 2014 වර්ෂයේ දී ගෙවන ලද රුපියල් 1,000ක මාසික දීමනාව යහපාලන රජය මඟින් රුපියල් 2,000 දක්වා වැඩි කරන ලදී.
(ii) එවකට සිටි අමාත්‍ය, එස්.බී. දිසානායක මැතිතුමා වැඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි රුපියල් 100ක දායකත්වයක්, වැඩි කරන ලද රුපියල් 1,000න් ලබා ගෙන වැඩිහිටියන් වෙනුවෙන් ආරක්ෂණ අරමුදලක් පිහිටුවා එයට ලබා දෙන ලදී.
(iii) ඔව්.
මෙම අරමුදල හඳුන්වන්නේ, "සමාජ ආරක්ෂණ අරමුදල" ලෙස නොවෙයි, "වැඩිහිටියන්ගේ සුබසාධනය සඳහා වූ ජාතික අරමුදල" යනුවෙනි.
(ආ) (i) වැඩිහිටි සමිති නියෝජිත එකමුතුව මඟින් මෙම අරමුදල පිහිටුවීම ගැන විරෝධතාවක් දක්වා නොමැත.
(ii) පොලී මුදල සහිතව 2019.06.30 දිනට ශේෂය රුපියල් 1,786,086,617.50. (රුපියල් මිලියන 1,786.08යි)
ගරු ඇමතිතුමා පිළිතුරු දෙන විධියට තමයි මේ සටහන් කරලා තිබෙන්නේ. මම ඒක ඒ විධියටම කියවන්නම්.
(iii) එලෙස අය කර ගන්නා මුදල බැංකුගත කර බැංකු ගිණුම් හා බැංකු පොහොසත් කරමින් තිබුණු බවද, මේ නිසා මෙම අරමුදල පිහිටවූ පනතේ දක්වා ඇති අරමුණු ඉටු කර ගැනීමට සක්‍රිය, ඵලදායි දායකත්වයක් ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ලෙස කනගාටුවෙන් ප්‍රකාශ කළ යුතුව ඇත.
මා අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව එම අරමුදල සක්‍රිය ඵලදායි ලෙස වැඩිහිටියන්ගේ සුබසාධනය ඇතිවන ආකාරයට කටයුතු සංවිධානය කර ඇති බව දන්වමි.
මෙම අරමුදල යොදා ගනිමින් දැනටමත් පහත දැක්වෙන ඵලදායි කටයුතු ආරම්භ කර ඇත.
a. දිවයින පුරා පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස 306ක් තිබේ. මේවායින් ඇතැම් නිවාස ඉතාම අපිරිසිදුව, අඩු පහසුකම් සහිතව ස්වේච්ඡා සංවිධාන විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි තත්ත්වයේ පවතින වැඩිහිටි නිවාසයකට අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් වෙන්කර ඇත.
b. වැඩිහිටි නිවාස මධ්‍යස්ථාන 100ක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් වෙන්කර ඇත.
c. ග්‍රාමීය වැඩිහිටි සමිති 1,000ක් බලගැන්වීම සඳහා රුපියල් ලක්ෂය බැගින් වෙන්කර ඇත.
d. සෞඛ්‍ය ආරක්ෂණ වැඩ පිළිවෙළක් සකස් කර ඇත. ඒ යටතේ,
වැඩිහිටි නිවාස මධ්‍යස්ථාන 306 තුළ එම මධ්‍යස්ථානයේ මෙන්ම ඒ අවට ප්‍රදේශයේ සිටින වැඩිහිටියන් වෙනුවෙන් මසකට වෛද්‍ය සායනයක් බැගින් වෛද්‍ය සායන 3,672ක් වාර්ෂිකව පැවැත්වීම.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මසකට එක බැගින් වෛද්‍ය සායන 12,000ක් පැවැත්වීමට කටයුතු යෙදීම.
වැඩිහිටියන් සඳහා චාරිකා සංවිධානය කිරීමට මුලින් බස් 50ක් වැඩිහිටි සමිතිවල ඉල්ලීම අනුව ලබා දීම. මෙය ක්‍රමයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා දානපතියන්ගේ ආධාර හා දායකත්වයද ලබා ගනු ලැබේ.
e. අසරණ වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය හදිසි ශල්‍යකර්ම සඳහා මුදල් ආධාර ලබා දීම.
f. පිළිකා තත්ත්ව, වකුගඩු රෝගී තත්ත්ව හා තැලසීමියා වැනි සුවකිරීමට අපහසු රොගී වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබා දීම.
g. වැඩිහිටියන් වෙනුවෙන් ස්වයං රැකියා ආධාර ලබා දීම සහ ඒ තුළින් ඔවුන් නිෂ්පාදනය කරන දෑ අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීම.
h. වැඩිහිටියන් ජාතික සංවිධානයේ කොටස්කරුවන් කිරීම සඳහා කටයුතු හා පුහුණු පහසුකම් සම්පාදනය කිරීම.
2019 වර්ෂයෙහි පහත වැඩසටහන් ආරම්භ කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks