පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
444/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය දැනට පිහිටා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙන් බැහැරට ගෙන යෑමේ සූදානමක් තිබේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) එම කාර්යාලයේ සිටින නිලධාරින්ගේ නම, තනතුර හා ජාතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 2008 සිට මේ දක්වා ඉඩම් ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දී ඇති පුද්ගලයන් ඔවුන්ගේ ජාතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ඉහත (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(iii)
|
තනතුර |
සංඛ්‍යාව |
ජාතිය අනුව |
||
|
සිංහල |
දෙමළ |
මුස්ලිම් |
||
|
සහකාර ඉඩම් කොමසාරිස් |
02 |
01 |
01 |
|
|
රාජ්‍ය කළමනාකරණ සහකාර |
04 |
02 |
02 |
|
|
සංවර්ධන නිලධාරි |
07 |
01 |
05 |
01 |
|
ජනපද නිලධාරි |
05 |
05 |
|
|
|
කාර්යාල සේවක සේවය |
02 |
02 |
|
|
|
මුරකරු |
01 |
01 |
|
|
|
රියැදුරු |
01 |
01 |
|
|
සවිස්තර වාර්තාවක් ඇමුණුම 1 මඟින් ඉදිරිපත් කරමි.
ඇමුණුම සභාගත* කරමි.
(iv) 2008 වර්ෂයේ සිට මේ දක්වා ඉදිරිපත් වූ ගැටලු පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෙම කාර්යාලයේ ඇති ගොනු විශාල ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදු වෙනවා. ඒ සඳහා දිගු කාලයක් ගත වන හෙයින්, 2016 සිට 2018 වර්ෂය තෙක් ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධව තොරතුරු පමණක් ඔබතුමාට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා.
|
වර්ෂය |
සිංහල |
දෙමළ |
මුස්ලිම් |
|||
|
ඉදිරිපත් වූ ඉඩම් ගැටලු |
විසඳන ලද ඉඩම් ගැටලු |
ඉදිරිපත් වූ ඉඩම් ගැටලු |
විසඳන ලද ඉඩම් ගැටලු |
ඉදිරිපත් වූ ඉඩම් ගැටලු |
විසඳන ලද ඉඩම් ගැටලු |
|
|
2016 |
11 |
03 |
05 |
- |
- |
- |
|
2017 |
06 |
01 |
05 |
- |
- |
- |
|
2018 |
06 |
01 |
08 |
- |
03 |
- |
|
එකතුව |
23 |
05 |
18 |
- |
03 |
- |
2016-2018 වර්ෂ තුළ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළව ඉඩම් ආරවුල් සම්බන්ධ ගැටලු 44ක් ඉදිරිපත් වී ඇති අතර, ඉන් සියයට 50කට වඩා ගැටලු ඉදිරිපත් වී ඇත්තේ සිංහල ජාතිය නියෝජනය කරන පුරවැසියන්ගෙනි.
ඉදිරිපත් වූ ගැටලු 44න් බොහොමයක් පවුලේ ආරවුල් සම්බන්ධයෙන් වන අතර, තවත් සමහරක් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විසඳුම් ලබා දිය නොහැකි ගැටලු වේ. එසේ හෙයින් ගැටලු 5ක් පමණක් මෙතෙක් විසඳා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks