පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
439/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016.12.31 දිනට මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමතියකින් තොරව අධිකාරියට බඳවාගත් උපදේශකයන් හා මහජන සම්බන්ධතා නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පුද්ගලයන්ගේ, නම හා ලිපිනය, ගෙවනු ලබන දීමනාව, අනුයුක්ත කර ඇති ව්‍යාපෘතිය, බඳවා ගන්නා ලද ක්‍රමවේදය, අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් සහ ලබාදී ඇති ඇති වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනවිට ඔවුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටින්නේද;
(iv) මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ, නම් ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-18
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2015.01.12 දින සිට 2016.12.31 දින දක්වා කාලය තුළ කොන්ත්‍රාත් පදනම මත ව්‍යාපෘති සඳහා මහජන සම්බන්ධතා නිලධාරින් 45දෙනෙකු සහ එක් ආරක්ෂක උපදේශකවරයෙකු බඳවා ගෙන ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබාගෙන ඇත.
(ii) එලෙස බඳවාගෙන ඇති අය පිළිබඳ තොරතුරු ඇමුණුමෙහි** සඳහන් වෙනවා.
(iii) වසරක කොන්ත්‍රාත් කාල සීමාව අවසන් වී ඇති බැවින් කිසිවකු සේවයේ යෙදී නැත.
(iv) කොන්ත්‍රාත් කාල සීමාව අවසානයේ සියලුදෙනාගේ සේවය අවසන් කර ඇත. ඉදිරියේදී මෙවැනි බඳවා ගැනීමක අවශ්‍යතාවක් වෙතොත් විධිමත් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව පමණක් කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks