04

E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0429/2019: "ගම්පෙරළිය" වැඩසටහන: ව්‍යාපෘති

429/’19

ගරු කනක හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      “ගම්පෙරළිය” නමින් නව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේද;

             (ii)      එසේ නම්, ඒ යටතේ ක්‍රියාවට නැංවෙන ග්‍රාමීය ව්‍යාපෘතිවල ස්වභාවය කවරේද;

           (iii)      මේ සඳහා සංවර්ධන යෝජනා ලබා ගනු ලබන ක්‍රමවේදය සහ එම යෝජනා ලබා ගනු ලබන්නේ  කවර කමිටුවක් හරහාද යන්න දන්වන්නේද;

(iv) මෙමඟින් එක් වසමකට වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම වැඩසටහනට අදාළ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(අ)           (i)      ඔව්.

              (ii)      ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ පහත දැක්වෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

  • වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය
  • මාර්ග සංවර්ධනය - (ග්‍රාමීය මාර්ග, නාගරික ප්‍රදේශ - පටු වීදි)
  • කුඩා පරිමාණ පාලම් ඉදිකිරීම
  • පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම - ක්‍රීඩා පිටි හා අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමං
  • ක්‍රීඩා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය - ක්‍රීඩා පිටි හා අදාළ පහසුකම් වැඩි දියුණු කිරීම
  • වෙනත් සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය - නාගරික ප්‍රදේශවල කානු පද්ධති වැඩිදියුණු කිරීම, වගාවන් සඳහා කුඩා පරිමාණ ජල යෝජනා ක්‍රම, කුඩා පරිමාණ ප්‍රජා ජල යෝජනා ක්‍රම
  • සතිපොළ සංවර්ධනය
  • ළමා උද්‍යාන ඉදිකිරීම
  • විදුලි බලය නොමැති නිවාස සඳහා විදුලිය ලබා දීම
  • ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය
  • ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති පහසුකම් ලබා දීම
  • ග්‍රාමීය හා නාගරික නිවාස සංවර්ධනය -  තාවකාලික වහල ස්ථිර වහල බවට පරිවර්තනය කිරීම.

(iii) 2019.01.04 දිනැතිව නිකුත් කරන ලද DFD/DAMP/2019/01 චක්‍රලේඛ අනුව යෝජනා ලබා ගැනීම සිදු කෙරේ.

(iv) මෙම යෝජනා ක්‍රමය මඟින් එක් මැතිවරණ කොට්ඨාසයක් සඳහා මේ වස‍රේදී රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කෙරේ.

(ආ) සාමාන්‍යයෙන් රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කොන්ත්‍රාත් පිරිනමනු ලැබේ. එහිදී රජයේ ප්‍රසම්පාදන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාළ චක්‍රලේඛ අනුව උපදෙස් ලබා දී තිබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-09-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks