පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0761/’10 ගරු තිස්ස අත්තනායක මහතා,— තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් VOIP අන්තර්ජාතික දුරකථන සේවාවන් සම්බන්ධයෙන් ටෙලිකොම් ඒෂියා සමාගම සමග ගිවිසුමකට එළඹුනේද; (ii) ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලැබුනේද; (iii) එම ගිවිසුමට එළඹීමට පෙර අන්තර්ජාතික දුරකථන ඇමතුම් වෙනුවෙන් විනාඩියකට ඇමරිකානු ඩොලර් (US$) 0.075ක මුදලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ලැබුනේද; (iv) එම ගිවිසුම නිසා ඉහත මුදල විනාඩියකට ඇමරිකානු ඩොලර් (US$) 0.069 දක්වා අඩු වී තිබේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) ඉහත සමාගම සමඟ ගිවිසුමට එළඹෙන ලෙස වර්ෂ 2009 සැප්තැම්බර් මසදී මුල්වරට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේද; (ii) ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, එම යෝජනාව නීතිමය හා මූල්‍යමය කරුණු මත ප්‍රතික්ෂේප කළේද; (iii) එසේ නම්, එම සමාගම ශ්‍රී ලංකාවට නැවත ගෙන්වනු ලැබුවේ කවරහුද; (iv) එම ගිවිසුමට අත්සන් කර ඇත්තේ අදාල සාමාන්‍ය කාර්ය පටිපාටියට පටහැනිවද; (v) එම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සිදුවන අලාභය කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-25
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks