පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
411/’19
ගරු නිහාල් ගලප්පත්ති මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවන ලද නිෂ්පාදන බදු අංශයෙහි සේවය කිරීම සුරාබදු පරීක්ෂකවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත්;
(ii) එබැවින්, එම පනතේ සුරාබදු පරීක්ෂක සේවයට අයත් රාජකාරි ඉටු කිරීම සඳහා බඳවාගන්නා ලද උප පරීක්ෂකවරුන්, සුරාබදු පරීක්ෂක සේවයට උසස් කිරීම පිණිස මුදල් රෙගුලාසි 71 යටතේ සුරාබදු පරීක්ෂක තනතුරු 10 ක් ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කර ඇති බවත්;
(iii) අනුමත කළ එම තනතුරු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන බදු අංශයට අනුයුක්ත කර ඇති උප පරීක්ෂකවරුන් උසස් කිරීම මඟින් පිරවීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අනුමත කර ඇති බවත්;
(iv) පරීක්ෂණයක් මඟින් උසස්වීම් ලබාදී එම තනතුරු 10 පිරවීම සඳහා අනුමත කර ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) නිෂ්පාදන බදු උප පරීක්ෂකවරුන් සුරා බදු පරීක්ෂක තනතුරට උසස් කර තිබේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මේ පිළිබඳව සනාථ කිරීමට ලිඛිත තොරතුරු නොමැත.
(ii) භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගේ 1992.05.20 දිනැති ලිපිය මඟින් සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමක තනතුරු 10ක් යටපත්කොට ඒ වෙනුවට සුරාබදු පරීක්ෂක තනතුරු 10ක් ඇති කිරීමට අනුමැතිය ලබා දී ඇත. එම තනතුරු 10 සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන බදු අංශයට අනුයුක්ත උප පරීක්ෂකවරුන් උසස් කිරීමෙන් පිරවීමට මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ 1992.06.24 දිනැති ලිපියෙන් අනුමත කර ඇත. මෙම ලිපියේ පිටපතක් ඇමුණුමක් වශයෙන් සභාගත* කරමි.
(iii) ඉහත (ii) පිළිතුර අදාළ වේ.
(iv) ඔව්. සුරාබදු කොමසාරිස් අමතා ඇති ආයතන අධ්‍යක්ෂගේ 1992.06.25 දිනැති ලිපිය මඟින් දැනට නිෂ්පාදන බදු ඒකකයට අනුයුක්ත කර ඇති සුරාබදු පරීක්ෂකවරුන් දසදෙනා පරීක්ෂණයක් මඟින් එම තනතුරු 10 පිරවීම සඳහා උසස් කිරීම අනුමත කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) 1. ආර්.ඒ. චාන්දනි පුෂ්පරාණි මිය
2. ජේ.කේ.එස්. චන්ද්‍රා ඉන්ද්‍රාණි මිය
3. එම්.ඩබ්.ජී. රම්‍යකාන්ති මිය
4. එල්.එල්.එන්.එස්. ප්‍රියන්කා අල්විස් මිය
5. කේ. ලියනගේ මහතා
6. පී. ධම්මිකා වික්‍රමපාල මිය
7. ඩබ්ලිව්.එම්.කේ.ජේ.එෆ්. ප්‍රනාන්දු මහතා
8. එච්.කේ.ඒ. ලලනි මිය
9. ජේ.එම්. හේවාවිතාරණ මිය
10.කේ. ප්‍රියානිකා කත්‍රිආරච්චි මිය
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks