පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
408/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වසර 8 කට වැඩි කාලයක් සේවය කර ඇති උප පොලිස් පරීක්ෂකවරුන්ට පොලිස් පරීක්ෂක තනතුර ලබාදෙන බවට හිටපු විෂය භාර අමාත්‍යවරයා විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කළ බව පිළිගන්නේද;
(ii) එම උසස්වීම් මේ දක්වා ලබා නොදීමෙන් එම නිලධාරින් කනස්සල්ලට පත් වී ඇති බව දන්නේද;
(iii) එබැවින් පොරොන්දු වූ පරිදි එම උසස්වීම් ලබාදීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, එම උසස්වීම් බලාත්මක වන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) හිටපු අමාත්‍යවරයා විසින් ජනමාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳ වගකීම දැරිය නොහැක.
(ii) ඔව්.
දීර්ඝ කාලයක් උසස්වීම් නොලද උප පොලිස් පරීක්ෂකවරුන් ගණනාවක් සිටින බැවින්, එසේ උසස්වීම් නොලැබීම මඟින් එම නිලධාරින් රාජකාරිමය වශයෙන් කනස්සල්ලට පත්වී ඇති බව පිළිගත හැකි ය.
(iii) මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නිර්දේශ පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලද නමුත්, එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු තත්ත්ව පැන නඟින බවට නිරීක්ෂණය විය. එබැවින්, එම අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්ම කිරීම අත්හිටුවීමේ නියෝගයක් 2018 ජූනි 13 දිනැතිව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇත. ඒ අනුව උසස්වීම් නොලබා දීර්ඝ කාලයක් එකම තනතුරේ රැඳී සිටින පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන් හා උප පොලිස් පරීක්ෂක නිලධාරින්ට උසස්වීම් ලබා දීම පිළිබඳව පොලිස්පති විසින් නව යෝජනාවලියක් සකසා ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අතර, 2019 මැයි මස 17වන දින ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වන ලදී. මේ සම්බන්ධව කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ලද පසුව ඉදිරි කටයුතු කිරීමට පියවර ගනු ලැබේ.
(iv) දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් සකස් කරන ලද යෝජනාවලිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ලද පසු නොපමාව ඉදිරි කටයුතු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks