04

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0407/2019: Demolishing a building in Dhamma Kusala Vidyalaya without approval

407/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුදැනුම මත අම්බලන්ගොඩ ධම්ම කුසල විදුහලේ තිබූ රුපියල් කෝටියක පමණ වටිනා නවීනතම ගොඩනැගිල්ලක් අනවසරයෙන් කඩා ඉවත් කර ඇති බව දන්නේද;

(ii) එම සිද්ධිය වසන් කිරීම සඳහා එවකට එම විදුහලේ වැඩ බලන ලද විදුහල්පති, සේවයෙන් පහකර ඇති බව පිළිගන්නේද;

(iii) සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු කරන මෙන් ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් එවැනි පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව දන්නේද;

 

 

(iv) එසේ සේවයෙන් පහකිරීමට විරුද්ධව හා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා අදාළ විදුහල්පතිවරයා විසින් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පිළිබඳව සොයා බලා ඔහු නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks