පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
406/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාර, අංක 137 දරන ලිපිනයේ පදිංචි කේ. ඩී. ප්‍රේමසිරි මහතාට මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් අත්කර ගැනීමේදී සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් ඔහු විසින් එවකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ අභියාචනය භාර නොගෙන ආපසු හරවා එවා ඇති බව දන්නේද;
(ii) සිදු වූ යම් අසාධාරණයක් පිළිබඳව යම් පුද්ගලයෙකු අභියාචනයක් ඉදිරිපත් කළවිට, එය භාරගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද, එය ප්‍රතික්ෂේප කර ආපසු එවීම රාජ්‍ය සේවකයෙකු විසින් නොකළ යුත්තක් බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එම අභියාචනය භාරගෙන ඒ සඳහා සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඒ පිළිබඳව අභියාචනාකරුට දැනුම් දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) කේ.ඩී. ප්‍රේමසිරි යන අය අමාත්‍යාංශ ලේකම් වෙත හෝ අමාත්‍යාංශයේ වෙනත් නිලධාරියෙකු වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් හෝ අභියාචනාවක් භාර දී නැත.
(ii) මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරින්ගේ වගකීම ජනතාවට සේවය කිරීම බැවින්, මාගේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් හට සිය සහෝදර ජනතාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් යුතුව සේවය කරන ලෙස උපදෙස් ලබා දී ඇත. එබැවින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කිරීම යන චෝදනාව ප්‍රතික්ෂේප කරමි.
(iii) අනුමතව තිබූ වන්දි ප්‍රමාණයට එකඟව වන්දි ලබා දීමත් සමඟ වන්දි ප්‍රදානය සම්බන්ධ නීත්‍යනුකූල අභියාචනා කාලය හා ඒ සඳහා තිබූ අවස්ථා අවසන් වී ඇත.
එසේ වුවද, අදාළ අයට මේ සම්බන්ධව ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට හැකි අතර, එවැනි ඉල්ලීමක් සම්බන්ධව පවත්නා තත්ත්වය පැහැදිලි කර අභියාචනාකරුට කරුණු දන්වා යැවීමට අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks