04

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0405/2019: SathosA Branch Kohuwala employing a foreign national

405/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017 අප්‍රේල් මාසයේදී කොහුවල නගරයේ ස.තො.ස. ශාඛාවක් විවෘත කළ බවත්; එයට අමාත්‍යවරයාද සහභාගී වූ බවත් ‍පිළිගන්නේද;

(ii) එම ස.තො.ස. ශාඛාව විසින් නිකුත් කරන ලද සියලුම රිසිට්පත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කරන ලද බව දන්නේද;

(iii) එයට අමතරව මෙම ශාඛාවේ පරිගණක කටයුතු සඳහා උපදේශකවරයෙකු වශයෙන් බඳවාගෙන ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව පිළිගන්නේද;

(iv) මේ සඳහා විශේෂඥ දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය තරම් සිටියදී, විදේශිකයෙකු බඳවාගැනීමට හේතුව කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කරනු ලබන රිසිට්පත් භාෂාත්‍රයෙන් මුද්‍රණය කිරීමටත්, පරිගණක කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks