04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0404/2019: ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා විභාගය, 2016 : ප්‍රතිඵල

404/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2016 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ බව සඳහන් කරමින් පුරප්පාඩු 980ක් සඳහා බඳවාගෙන ඇති බවත්;

             (ii)      නමුත්, මේ වනතෙක් විභාගයට පෙනී සිටි සෙසු අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලේඛනය පවා යවා නොමැති බවත්; අන්තර්ජාලයෙන්ද ලබාගැනීමට ඉඩක් නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

 

 

(ආ) මේ පිළිබඳව සොයා බලා ඉතිරි ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන, ඒ අනුව සුදුසුකම් ලබන්නන් පුරප්පාඩු අනුව බඳවා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) 2015.07.01 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ පුරප්පාඩු 852ක් තිබූ අතර, එම පුරප්පාඩුවලින් විවෘත පදනම මත 195 දෙනෙකු, සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත 108 දෙනෙකු සහ සීමිත පදනම මත 415 දෙනෙකු ලෙසින් නිලධාරින් 718ක් මේ වන විට බඳවා ගෙන අවසන්ව ඇත.

(ii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි. ඒ අනුව විවෘත හා සීමිත පදනම් මත විභාග සඳහා අයදුම් කරන ලද අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්වලට යොමු කර ඇති අතර, සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත අයදුම් කරන ලද අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත.

(ආ) මේ වන විට 2015/2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත, සීමිත සහ සේවා පළපුරුද්ද හා කුසලතාව මත පදනම්ව සියලුම බඳවා ගැනීම් සිදු කර අවසන්ව ඇති අතර, සේවාරම්භක පුහුණව ද ලබාදී එම නිලධාරින් ස්ථානගත කර ද අවසන්ව ඇත. විභාගයට පෙනී සිටි සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks