පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
401/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රටේ සමස්ත බදුවලින් 57 %ක් අයකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුව විසින් බවත්;
(ii) ඉන් වැඩි බදු ප්‍රතිශතයක් වාහන ආනයන බදු බවත්;
(iii) බදු නොගෙවීමට වාහන ආනයනකරුවන් විවිධ උපක්‍රම භාවිතා කරන බවත්;
(iv) දැනට නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවලට අමතරව, 2015.02.10 දිනැති අංක 1901/3 ගැසට් නිවේදනය මඟින්ද, මෙම තත්ත්වය මඟ හැරවීමට නියෝග පනවා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කෙසේ වෙතත්, 2015.09.22 දිනැති අංක 1933/6 ගැසට් නිවේදනයෙන් ජාවාරම්කරුවන්ට රිසි ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත්;
(ii) (අ) (iv)හි සඳහන් ගැසට් නිවේදනයෙන් ලබා දුන් අධිකාරි බලය මත රේගු නිලධාරින් අනාවරණය කරගත් මිල අඩුවෙන් සඳහන් වාහන 1000 සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළහොත්, රුපියල් මිලියන 8000කට අධික ආදායමක් අය කර ගත හැකි බවත්;
(iii) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය අනුව 2016.09.21 දින සියලු රේගු පරීක්ෂණයන් තාවකාලිකව අත්හිටුවීමෙන් රටට විශාල ආදායමක් අහිමි වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, (ආ) (iii)හි සඳහන් නියෝගය අවලංගු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-08
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks