01

E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0397/2019: 2010-2017 කාලය තුළ උතුරු මැද පළාතේ කාපට් අතුරා ඇති ග්‍රාමීය මාර්ග: විස්තර

397/’18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2010 සිට 2017 දක්වා උතුරු මැද පළාතේ  කාපට් අතුරා ඇති ග්‍රාමීය මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම මාර්ග නඩත්තු කරනු ලබන්නේ මධ්‍යම රජයෙන්ද, නොඑසේ නම්, පළාත් සභාවෙන්ද;

(iii) සමහර කාපට් අතුරන ලද මාර්ගවල කොලරය (කෙළවර) පලුදු වීම් හේතුවෙන් එම මාර්ග ඉතා ඉක්මනින් අබලන් තත්ත්වයට පත්වන බව පිළිගන්නේද;

(iv) නඩත්තු කටයුතු සඳහා අදාළ ආයතනවලට වාර්ෂිකව මුදල් වෙන් කරනු ලබන්නේද;

(v) එම මුදල්වලින් මෙම මාර්ග නඩත්තු කරන්නේද යන්න සොයා බලන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් විසින් ලබා දුන් තොරතුරු අනුව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් 2010 හා 2011 වසරවල මාර්ග කාපට් අතුරා නොමැති බව දන්වන අතර, 2012 සිට 2017 දක්වා සංවර්ධනය කරන ලද මාර්ග පිළිබඳ විස්තර පහත දැක්වේ.

(ii) පළාත් සභාව සතු මාර්ග, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නඩත්තු කරන අතර, පළාත් පාලන ආයතන සතු මාර්ග ඒ ඒ ආයතන මඟින් නඩත්තු කරනු ලැබේ.

(iii) පිළිගනිමි.

(iv) මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය මත පළාත් සභාවට මුදල් වෙන් කරනු ලබයි.

(v) වාර්ෂිකව සිදු කළ යුතු මාර්ග නඩත්තු පිළිබඳව රේඛීය අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශයට වගකීමක් නොමැති බව දන්වමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-04-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks