පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
395/’18
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානයේ පිහිටි පාලම් තුනෙන් උප්පාරු පාලම යට මුහුදු රළ මඟින් ස්වභාවිකව සකස් වී ඇති වැලිපරය ඉවත් කිරීමට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට බලපත්‍ර ලබා දී ඇත්තේ කවරෙකුගේ නිර්දේශ මත කවුරුන් විසින්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උප්පාරු පාලමේ ආධාරක කණු අසළ තැන්පත් වී ඇති මුහුදු හා ගංගා මිශ්‍ර වැලිපරය ඉවත් කළ යුතු බවට භූ විද්‍යා කැණීම් හා පතල් කාර්යාංශ වාර්තාවේ සඳහන් කර තිබේද;
(ii) එසේ වැලි ඉවත් කිරීමෙන් උප්පාරු පාලමේ ආධාරක කණුවලට හෝ එහි පැවැත්මට හානියක් සිදු නොවන බවට සහතික වන්නේද;
(iii) එම ස්ථානයෙන් ගන්නා වැලි ඍජුවම ඉදිකිරීම් සඳහා යොදා ගැනීම අනුමත කරන්නේද;
(iv) මෙම වැලි පරය ඉවත් කිරීමෙන් ගඟේ ජලය අඩු කාලයට ගංගා ජලය හා මුහුදු ජලය එක් වීමෙන් නිරන්තරයෙන්ම මහවැලි ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍රව පැවතිය හැකි බව පිළිගන්නේද;
(v) එම පාලම යට වැලි කැණීම් අඛණ්ඩව සිදු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-22
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) උප්පාරු මෝයේ ඇහිරී ඇති වැලි නිධිය හේතුවෙන් වැහි කාලයේදී උප්පාරු පාලමට ඉහළින් ඇති ප්‍රදේශ ජල ගැලීමට ලක්වීම හා ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටින ධීවරයන්ට අයත් යාත්‍රාවල ගමන් මාර්ගය වැටී ඇත්තේ ද මෙම මෝය හරහා බැවින්, ඔවුන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් කින්නියා ප්‍රදේශයේ ජනතාවගේ පැමිණිලි හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට අනුව අදාළ ආයතන සමඟ සුදුසු විසඳුමක් ලබා ගැනීම සඳහා 2017.08.18 දින සමූහ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. තවද, ගනී කන්ස්ට්‍රක්ෂන් නැමති ආයතනයක් විසින් උප්පාරු කලපුවේ මෝයෙහි වැලි ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වී ඇති අතර, ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් අදාළ සියලු ආයතන විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් පවත්වා වාර්තාවක් ලබා ගත යුතු බවට තීරණය කර ඇති බව වාර්තා කර ඇත.
ඒ අනුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යන ආයතන විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර තම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවට වාර්තා කර ඇති අතර, එම නිර්දේශ ආශ්‍රිතව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත වාර්තා කර ඇති බවට වාර්තා කර ඇති අතර, අදාළ ස්ථාන පරීක්ෂණ වාර්තාවට අනුව උප්පාරු මෝයට ආසන්නයේ කමිටුව විසින් නිර්දේශිත වැලි ප්‍රමාණයක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් විසින් 2017.02.05 වන දින අධ්‍යක්ෂ ජනරාල්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ, වැලි ඉවත් කිරීම සඳහා අදාළ ආයතනවලින් අවශ්‍ය නිර්දේශ ගනී කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් ලබාගෙන ඇති බැවින් කැණීම් බලපත්‍රය ලබා දීම තමන් විසින් නිර්දේශ කරන බවයි. මේ අනුව, අදාළ සියලුම ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමෙන් පසු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ගනී කන්ස්ට්‍රක්ෂන් ආයතනයට කැණීම් බලපත්‍රය ලබා දී ඇති බව නිරීක්ෂණය කරමි.
(ආ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ තීරණය පරිදි, දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් අදාළ ස්ථානයේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර, එම වාර්තාවෙන් ජලය බැස යාමට අවහිර වී ඇති වැලිපරය ඉවත් කිරීමට නිර්දේශ කර ඇත.
(ii) මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහ විධිමත් අධීක්ෂණය යටතේ කටයුතු කරනු ලබන බැවින්, හානියක් සිදු වීමට ඉඩක් නොමැති බව නිරීක්ෂණය කරමි.
(iii) අදාළ ස්ථානයේ අවහිර වී ඇති වැලි ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවසර දී ඇති නමුත්, කාර්යාංශය විසින් එම වැලිවල ගුණාත්මකභාවය පරීක්ෂා කර නැත. ඒ අනුව එම වැලි ඍජුවම ඉදිකිරීම් සඳහා යොදා ගැනීම පිළිබඳව කාර්යාංශය අනුමත කිරීමක් කිසිදු විටක සිදු කරනු ලැබ නැත.
(iv) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ හා විධිමත් අධීක්ෂණය මත කටයුතු කරනු ලැබ ඇති බැවින්, එවැනි තත්ත්වයක් උද්ගත විය නොහැකි බව නිරීක්ෂණය කරමි.
(v) නැත.
කින්නියා උප්පාරු මෝයෙහි ගොඩගැසී, ජලය බැස යාමට අවහිර වී ඇති වැලිපරය ඉවත් කිරීම සඳහා පමණක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත්‍රය නීතිමය කොන්දේසිවලට යටත්ව ලබා දී ඇති අතර, අවහිර වී ඇති වැලි ඉවත් කිරීමෙන් පසු එකී බලපත්‍රය අවලංගු කරන ලද බැවින්, දැනට මෙම ස්ථානයේ වැලි ඉවත් කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට වලංගු බලපත්‍රයක් නොමැත.
(ඇ) පැන නොනඟී
පිළිතුරු දුන් දිනය
2019-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks