04

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0394/2019: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිරි ගොවීන්ගෙන් එකතු කර ගන්නා ලද දියර කිරි : මුදල් නොගෙවීම

394/’18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දිවයිනෙහි ග්‍රාමීය කිරි ගොවීන්ගෙන් දෛනිකව ලබා ගන්නා එළකිරි සහ       මී කිරි ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      ඒ අතරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දෛනිකව ලබා ගන්නා  එළකිරි සහ මී කිරි ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මිල්කෝ ආයතනය විසින් ලබා  ගන්නා කිරිවලට ගෙවීම් කරනු ලබන්නේ දින 15 කට වරක් වන නමුත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ලබාගෙන ඇති දියර කිරිවලට මාස දෙකකින් ගෙවීම් නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල, පදවි ශ්‍රී පුර, මොරවැව, කන්තලේ, සේරුවිල, තඹලගමුව, නගර හා කඩවත්, කින්නියා, මුතූර්, වෙරුගල් හා කුච්චවේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින කිරි ගොවීන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කිරි ගොවීන්ට මිල්කෝ ආයතනය විසින් මේ වනවිට ගෙවීමට ඇති මුදල එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මෙම මුදල් ගෙවනු ලබන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      එළකිරි සහ මී කිරි වෙන් වෙන් වශයෙන් එකතු කරනු නොලැබේ.

                        දෛනිකව ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 733,000ක් පමණ වේ. (හත්ලක්ෂ තිස්තුන්දහසකි)

              (ii)      එළකිරි සහ මී කිරි වෙන් වෙන් වශයෙන් එකතු කරනු නොලැබේ.

                        ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දෛනිකව ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 16,000ක් පමණ වේ.

(iii) මිල්කෝ සමාගම මඟින් සමස්ත කිරි ගොවීන්ගෙන් ලබා ගත් කිරිවලට ගෙවීම් සඳහා මාස දෙකක හිඟයක් මාස කිහිපයකට පෙර තිබුණු නමුත්, දැනට එවැනි ප්‍රමාදයක් නැත.

මිල්කෝ ආයතනය විසින් 2019 ජනවාරි 31 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ලබා ගත් කිරි සඳහා ගෙවීම් මේ වන විට සිදුකර ඇත.

(ආ) (i)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කිරි ගොවීන් ගණන

ගෝමරන්කඩවල

              89

පදවි ශ්‍රී පුර

            176

මොරවැව

            205

කන්තලේ

            820

සේරුවිල

              25

තඹලගමුව

              88

නගර හා කඩවත්

              00

කින්නියා

              89

මුත්තූර්

              15

වෙරුගල්

              32

කුච්චවේලි

              36

එකතුව

          1,575

 

 

 

 

(ii) 2019 ජනවාරි 31 දින දක්වා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලු කිරි මුදල් ගෙවා ඇත.

2019 පෙබරවාරි 01-15 දක්වා සපයන ලද කිරි සඳහා පමණක් මුදල් ගෙවීමට ඇත.

(iii) 2019 පෙබරවාරි 01-15 දක්වා වන මුදල් පෙබරවාරි මස අවසන්වීමට පෙර ගෙවීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks