පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
390/’18
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික දැව භාවිතය කොපමණද;
(ii) එසේ නම්, එම දැව අවශ්‍යතාවය සපුරා ගනු ලබන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවට දැව ආනයනය කරන බව දන්නේද;
(ii) එසේ නම්, වර්ෂ 2014 සිට 2016 දක්වා කාලය තුළ ආනයනය කර ඇති ඉරූ දැව ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම එක් එක් වර්ෂය අනුව කොපමණද;
(iii) ඉහත සඳහන් වර්ෂ තුන ඇතුළතදී ගෘහභාණ්ඩ වශයෙන් මෙරටට ආනයනය කරන ලද දැව භාණ්ඩවල වටිනාකම කොපමණද;
(iv) එම වර්ෂ තුන තුළදී ආනයනය කරන ලද දැව සඳහා වැය වී ඇති මුළු මුදල කොපමණද;
(v) පසුගිය කාලයේදී දැව ආනයනය සීඝ්‍ර වශයෙන් ඉහළ යාමට හේතු කවරේද;
(vi) මෙරටට දැව ආනයනය කිරීමේදී වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ගැනීමට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) රාජ්‍ය දැව සංස්ථාව විසින් වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික දැව භාවිතය ඝනමීටර ලක්ෂ 16ක් පමණ වේ.
(ii) එම දැව අවශ්‍යතාවය සපුරා ගනු ලබන ආකාරය පහත පරිදි වේ.
රබර් වගා මඟින් 17%
පොල් වගාව මඟින් 15%
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනවගා මඟින් 08%
වතු සමාගම්වලින් 07%
ගෙවතු මඟින් 40%
ආනයනික දැව 10%
අනෙක් විවිධ විධිවලින් 03%
ඒ විධියට තමයි මේ දැව ඝනමීටර ලක්ෂ 16 වාර්ෂිකව ලබා ගන්නේ.
(ආ) (i) ඔව්.
(ii) වර්ෂ 2014 සිට 2016 දක්වා කාලය තුළ ආනයනය කර ඇති ඉරූ දැව ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම එක් එක් වර්ෂය අනුව පහත පරිදි වේ.
වර්ෂය
ආනයනය කළ දැව (CIF)
ප්‍රමාණය (Kg)
වටිනාකම (Rs.)
2014
68,329,928
5,360,293,544
2015
80,951,433
6,178,499,563
2016
116,059,218
9,074,379,480
එකතුව
265,340,579
20,613,172,587
(iii) ඉහත සඳහන් වර්ෂ තුන ඇතුළතදී ගෘහභාණ්ඩ වශයෙන් මෙරටට ආනයනය කරන ලද දැව භාණ්ඩවල වටිනාකම පහත දැක්වේ.
වර්ෂය
ආනයනය කළ ගෘහ භාණ්ඩ වටිනාකම (CIF)-Rs.
2014
1,974,887,374
2015
2,220,913,595
2016
4,052,216,260
එකතුව
8,248,017,229
(iv) ඉහත සඳහන් වර්ෂ තුන තුළදී ආනයනය කරන ලද දැව සඳහා වැය වී ඇති මුළු මුදල රුපියල් 20,613,172,587.00
(v) පසුගිය කාලයේ දී දැව ආනයනය ශීඝ්‍ර වශයෙන් ඉහළ යාම කෙරෙහි පහත හේතු සාධක බලපා ඇත.
· වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන ලද වාණිජ වනවගා ප්‍රමාණය අඩුවීම සහ තේක්ක වනවගාවල අස්වැන්න ප්‍රමාණවත් අයුරින් නොලැබීම.
· ස්වභාවික වනාන්තර, සංරක්ෂණ අවශ්‍යතා සඳහා කළමනාකරණය.
· රාජ්‍ය හා පෞද්ගලික නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති බහුල වීම.
(vi) මෙරටට දැව ආනයනය කිරීමේ දී වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ගැනීමට පහත පියවර අනුගමනය කරනු ලැබේ.
* දේශීය වන වගා ප්‍රමාණය වැඩි කිරීම.
* දැව වෙනුවට වෙනත් ආදේශක හඳුන්වා දීම.
* ඉරූ දැව සඳහා 5%ක බද්දක් අය කිරීම (ඉරූ දැව ආනයනය කිරීමේදී).
* රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව කල්පවත්වා ගැනීම හා නිවැරැදි දැව භාවිත කිරීම සඳහා ආදර්ශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
* ශ්‍රී ලංකාවට Lesser Known Timber (දැනුවත්භාවයෙන් අඩු දැව) වර්ග හඳුන්වා දීමට කටයුතු කරනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks