පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
388/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වර්ෂයකට සාමාන්‍යයෙන් වාර්තා වන ළමා අපයෝජන හා ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2015, 2016 සහ 2017 තුළ සිදු වී ඇති ළමා අපයෝජන හා ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;
(iii) මෙම සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කටයුතු වේගවත් කිරීමට හා අපරාධකරුවන්ට දඬුවම් කිරීමට පියවර ගෙන තිබේද;
(iv) මේ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වර්ෂයකට ළමා අපයෝජන හා ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 9,000-10,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වේ.
(ii) වාර්තා වී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව
|
වර්ෂය |
පැමිණිලි සංඛ්‍යාව |
|
|
|
ළමා ලිංගික අපයෝජන |
ළමා හිංසන |
|
2015 |
1,539 |
9,193 |
|
2016 |
1,275 |
8,086 |
|
2017 |
1,175 |
7,839 |
(iii) ඔව්.
(iv) ඔව්.
ළමා අපයෝජනයන්ට අදාළ නීති කෘත්‍යයන් ප්‍රමාද වීමට බෙහෙවින් හේතු වී ඇත්තේ පොලිස් විමර්ශන කටයුතුවලට වඩා නීතිපති දෙපාර්තමේන්තුව තුළ අධිචෝදනා පත්‍ර ගොනු කිරීම සඳහා පවතින ගොනුවලට උපදෙස් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් බැවින් මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරන ලද අතර, ඊට අදාළව කඩිනම් පියවර ගන්නා බව දැනුම් දී ඇත.
ළමා අපයෝජන නඩු කටයුතුවලදී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීමට හා ඇතැම් නීති කෘත්‍යයන් ප්‍රමාද වීම හේතු කොට ගෙන එම නඩු කටයුතුවල ගැටලු සහිත තත්ත්වයන් පවතින අවස්ථාවල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා නීතිඥ සහය ලබා දීමට කටයුතු කිරීම.
ළමා වින්දිත දරුවන්ගේ සාක්ෂි, වීඩියෝ සාක්ෂියක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පටිගත කිරීමෙන් ළමා අපයෝජන නඩුවලදී ළමා වින්දිතයන් ද්විතීයික වින්දිතභාවයට පත්වීම වැළැක්වීමට වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන දෙකක් උතුරු හා දකුණු පළාත් තුළ ස්ථාපනය කිරීමට කටයුතු කිරීම.
ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් සිදු කෙරෙන ළමා අපයෝජන සිද්ධි පිළිබඳව පසු විපරම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය හා විමර්ශන අංශය මඟින් සිදු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks