පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
386/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කොපමණද;
(ii) මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(iii) එම මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් හා අනෙකුත් දේපළ අහිමිවූවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන් වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දි මුදල් මේ වනවිටත් ලබාදී තිබේද;
(v) එසේ නම්, ගෙවා ඇති මුළු වන්දි මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවල, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රජය උපයාගත් මුළු ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත වර්ෂවලදී මාර්ගයේ අලුත්වැඩියා සඳහා වෙන් කළ මුළු මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-08
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) කොට්ටාව සිට ගොඩගම දක්වා කිලෝමීටර් 131.1කි.
(ii) ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 96.6කි.
(iii) 8,637කි.
(iv) වන්දි ලබාදීමේ කටයුතු සිදු කර අවසන් කර ඇත. ඉතාමත් සුළු යම් යම් අභියාචනා තවමත් ඉදිරිපත් කෙරේ.
(v) රුපියල් මිලියන 5,355.30කි. (රුපියල් කෝටි 535.53කි)
(ආ) (i) වර්ෂ 2015, 2016, 2017 දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් (කොට්ටාව සිට ගොඩගම දක්වා) රජය උපයා ගත් මුළු ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
(ii)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks