පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
385/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය කොපමණද;
(ii) ශ්‍රී ලංකාවේ වාර්ෂික කුරුඳු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද;
(iii) ලෝක කුරුඳු අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නේද;
(iv) කුරුඳු අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා අලුතින් වගාකර ඇති කුරුඳු වගා අක්කර ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) කුරුඳු වගා බිම් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවී තිබේද;
(iii) එසේ වගාබිම් ප්‍රමාණය අඩුවී ඇත්නම්, එයට බලපා ඇති හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2017 වර්ෂය වන විට අක්කර 82,463 (හෙක්ටෙයාර 32,985) කි.
(ii) 2017 වර්ෂයේ මෙට්‍රික් ටොන් 22,341යි.
(iii) සත්‍ය කුරුඳු ප්‍රතිශතයෙන් 80%ක් පමණි.
කැෂියා හා සත්‍ය කුරුඳු එකට ගත් විට 9%ක් පමණි.
(iv)
(ආ) (i)
(ii) නැත.
(iii) අදාළ නැත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2019-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks