01

E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0384/2019: කෙරවලපිටිය බලාගාරය : සිදු වූ පාඩුව

384/’18

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති බර ඉන්ධන (HFO) මඟින් දැනට ක්‍රියාත්මක වන බලාගාරය වසරක කාලයක් තුළ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා එකඟතාවයක් තිබුනේද;

(ii) එම එකඟතාවය කඩ වී තිබේද;

(iii) එම එකඟතාවය කඩවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති අලාභය කොපමණද;

(iv) එකී බලාගාරය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක මිල නියම කිරීමට අදාළව ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට පටහැනිව කටයුතු සිදුවන බව දන්නේද;

(v) ගිවිසුම් ප්‍රකාරව විදුලි සැපයුම්කාර සමාගම ක්‍රියා කිරීම තහවුරු  කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

(vi) එම එකඟතාවය පරිදි කටයුතු නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇති පාඩුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) එම බලාගාරය වසරක කාලයක් සඳහා ද්‍රවීකෘත ස්වාභාවික වායු - LNG - මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා වූ එකඟතාවක් විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුමෙහි සඳහන්ව නොමැත. ස්වාභාවික වායුව සපයා ගැනීමට හැකි වූ අවස්ථාවක ඒ සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් බලාගාරයෙහි අදාළ ප්‍රතිපාදන සැලසීමට ගිවිසුම අනුව සමාගම කටයුතු කළ යුතුවේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) ඔව්.

(v) ඇමුණුම A හි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(vi) ඉහත (v) පිළිතුරෙහි දක්වා ඇති පරිදි දැනට අන්තර්කාලීන විසඳුමකට එළඹීමට කටයුතු කරමින් පවතී. ඉදිරියේ දී ස්ථිර විසඳුමකට එළඹීමෙන් පසුව පාඩුව නිවැරදිව තීරණය කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks