පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
378/’18
ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017.05.27 දින ඇතිවූ ගංවතුර හා නායයෑමෙන්, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොලේගොඩ සිට ඉහළ වෙල්ගම දක්වා දිවෙන මාර්ගයේ 1 කණුව නමැති ප්‍රදේශය නායයෑමෙන් මේ වනවිට එම මාර්ගය භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වී ඇති බවත්;
(ii) මෙම තත්ත්වය හේතුවෙන් එකී මාර්ගය පරිහරණය කළ අංක 819G මුදුන, 819H ගමගේ වත්ත, 824 තැන්නහේන සහ 825 ඉහළ වෙල්ගම යන ග්‍රාම සේවා කොට්ඨාසවල පිහිටි ඕමත්ත ජනපදය, ඕමත්ත කොළණිය, ගම්පලකන්ද, වවුලාකන්ද, මුදුන, බටේගල්ල, තැන්හේන, සමඟිපුර, ඉහළ වෙල්ගම, ගල්ලනමුල්ල, හේන්යාය සහ අටහවුල්හේන යන ප්‍රදේශවල 10,000 - 15,000 ක් අතර ජනතාවක් බරපතළ පීඩාවකට පත්වී ඇති බවත්;
(iii) මෙම මාර්ගය යථාවත් කිරීමට දැනට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) භාවිතා කළ නොහැකි සේ විනාශ වී ඇති උක්ත මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දින වකවානු හා අවසන් කරන දින වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පොලේගොඩ සිට ඉහළ වෙල්ගම දක්වා ඇති මාර්ගයේ 1km කණුව ප්‍රදේශය නාය යෑමක් නිසා විනාශයට පත්වී ඇත.
(ii) මාර්ගය ගිලා බැසීම නිසා ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට බාධා වී ඇත.
(iii) ක්‍රියා මාර්ග ගෙන ඇත.
මෙහි දක්වා ඇති බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොලේගොඩ සිට ඉහළ වෙල්ගම දක්වා දිවෙන මාර්ගය බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වේ. මාර්ගයේ 01 කණුව නැමති ප්‍රදේශයේ නාය යෑම හේතුවෙන් ඉහළ වෙල්ගම දක්වා කොටසෙහි ගමනාගමනයට බාධා ඇති විය. මෙයට විකල්පයක් ලෙස බුලත්සිංහල කල්ලුමලේ හරහා ඉහළ වෙල්ගම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම පොලේගොඩ ඉහළ වෙල්ගම මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක වන I Road ව්‍යාපෘතියේ අදියර 01 යටතේ සංවර්ධනය කිරීමට යෝජනා වී තිබූ නමුත්, මෙම මාර්ගයේ ප්‍රශ්නගත 01 කණුව අසල කොටස දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර, පෙර නාය යෑම් රාශියක් ද වාර්තා වී ඇත. මෙම කරුණු මත ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් පොදු මාර්ගයක් සඳහා මෙම ප්‍රදේශය සුදුසු නොවන බවට නිර්දේශ කර ඇත.
(ආ) (i) මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
(ii) නාය යෑමට ලක්වූ පොලේගොඩ ඉහළ වෙල්ගම පරගොඩ හරහා වැදියන්ගොඩ දක්වා මාර්ගයේ (ID - 23) කොටස නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බැවින්, පළාත් සභාවේ ද එකඟත්වය සහිතව එයට විකල්පයක් ලෙස කිලෝමීටර් 4ක් පමණ වන හිරිවගුර හරහා බටේගල්ලෙන මාර්ගය ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 70ක් වැය කර ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතිය (I Road) මඟින් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks