පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
377/’18
ගරු ජයන්ත සමරවීර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 මැයි 27 වැනි දින ඇතිවූ ගංවතුර හා නායයෑමේ ආපදාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ, අර්ධ හා සුළු හානි සිදු වූ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං රැකියා ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ව්‍යාපාර සත්ව පාලන, කාර්මික, වෙළෙඳ හා වෙනත් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේ ගංවතුරෙන් හා නායයෑමෙන් විනාශ වූ ව්‍යාපාර අයිති පුද්ගලයාගේ නම, ලිපිනය, හානියේ තක්සේරුගත වටිනාකම, එම ව්‍යාපාරය පිහිටි ග්‍රාම නිලධාරි කොට්ඨාසය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
(ii) කළුතර දිස්ත්‍රික්කයේ එසේ හානිවූ ව්‍යාපාර සඳහා මේ වනවිට රජයෙන් වන්දි ගෙවා තිබේද;
(iii) එසේ නම්, වන්දි හිමිවූ ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය, ව්‍යාපාරය සහ ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) කළුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට වන්දි ගෙවා ඇති ව්‍යාපාර සංඛ්‍යාව සහ මුළු වන්දි මුදල කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks