01

E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0361/2019: හන්තාන වතුයායේ විශ්‍රාම ගැන්වූ වතු සේවකයන්: ඊපීඑෆ්, ඊටීඑෆ් සහ විශ්‍රාම පාරිතෝෂික

361/’18

ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හන්තාන වතුයා‍යේ 2002 වර්ෂයේදී  සේවය කරන ලද වතු කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2000 සිට 2015 දක්වා මෙම වතුයායේ සේවය කර විශ්‍රාම ගැන්වූ  පිරිමි සහ කාන්තා වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එසේ විශ්‍රාම ගැන්වූ කම්කරුවන් අතරින් මේ වනවිටත් සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ සහ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා නොමැති කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් කම්කරුවාගේ නම, ලියාපදිංචි සාමාජික අංකය, සේ.නි.භා.අරමුදල්, සේ.අ.අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකයේ හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වතු කම්කරුවන් 814

              (ii)     

             (iii)      සේ.නි.භා අරමුදල    -                82

                         සේවක අර්ථ සාධක අරමුදල         -    356

                         විශ්‍රාම පාරිතෝෂිකය    -                446

             (iv)      ඇමුණුමෙහි  දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ)          අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks