පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
351/’18
ගරු මුහම්මදු නසීර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2012 ජනවාරි සිට 2018 අප්‍රේල් දක්වා කාල වකවානුවලදී නාඳුනන කඩාකප්පල්කාරී පුද්ගලයන්ගේ ප්‍රහාරයකට ලක්වී ඇති සහ ගිනි තැබීම් සිදුවී ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව සහ එම සිද්ධීන් පිළිබඳව පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති පැමිණිලි සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් කොපමණද;
(ii) එම වාර්තාවී තිබෙන එක් එක් පොලිස් පැමිණිලි අංක, දින සහ එම පොලිස් බල ප්‍රදේශයන් කවරේද;
(iii) එම පැමිණිලි අතරින් මූලික විමර්ශන කටයුතු අවසන් කොට තිබෙන සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු වී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එම එක් එක් පැමිණිලි අනුව අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අංක හා අධිකරණ බල ප්‍රදේශයන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-08
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks