04

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0327/2019: පලාගල ප්‍රාදේශීය ලේකම් තනතුර : පුරප්පාඩුව පිරවීම

327/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ කිහිපයක සිට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම්  තනතුර පුරප්පාඩු වී පවතින බවත්;

             (ii)       කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා  පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි ද ආවරණය කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකේම ජනතාව තම සේවාවන් ඉටුකර ගැනීමේදී අපහසුතාවයන්ට පත්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම ප්‍රාදේශීය ලේකම් තනතුරෙහි පුරප්පාඩුව පුරවා ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කටයුතු කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      පලාගල ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා 2018.06.28 දින සිට ආර්.ඒ.ජී.ඩබ්ලිව්.එම්.ඒ.එස්. බණ්ඩාර මහතා (ශ්‍රී.ලං.ප.සේ. III) පූර්ණ කාලීනව රාජකාරී ඉටු කිරීම සඳහා පත් කර ඇත.

              (ii)      කැකිරාව හා පලාගල ප්‍රාදේශීය ලේකම් තනතුරුවල පුරප්පාඩු 2018.06.28 දින සිට සම්පූර්ණ කර ඇත.

(ආ)      2018.06.28 දින සිට මෙම කොට්ඨාසවල පුරප්පාඩු සම්පූර්ණ වී ඇත.

(ඇ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks