01

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0325/2019: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය : සක්‍රීය තත්ත්වයට පත් කිරීම

325/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට අකර්මන්‍ය තත්ත්වයට පත්වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සක්‍රීය තත්ත්වයට පත් කිරීමට අදහස් කරන්නේද;

             (ii)      එසේ නම්, එය සිදු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රජරට සේවය වර්තමානය වන විටත් සක්‍රීය තත්ත්වයේ පවතී. සහකාර අධ්‍යක්ෂවරයකු යටතේ ස්ථිර කාර්ය මණ්ඩලය 25 දෙනෙකු එහි සේවය කරයි.

              (ii)      වර්තමානය වන විටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සක්‍රීය තත්ත්වයේ පවතී.

(ආ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks