04

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0323/2019: කැකිරාව බස් නැවතුම්පොළ: ප්‍රතිසංස්කරණය

323/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කැකිරාව නගරයේ පිහිටා ඇති බස් නැවතුම්පොළ 1977 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රමානුකූලව අලුත්වැඩියා කර නොමැති බැවින්, ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත්;

(ii) මේ හේතුවෙන් මගීන් මහත් හිරිහැරයට ලක් වන අතර බස් නැවතුම්පොළෙහි බස් හැසිරවීමද ඉතාමත් අසීරු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම බස් නැවතුම්පොළ ඉදිරියේදී ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්,  එම දිනය කවරේද;   

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) 1976.07.03 දින කැකිරාව බස් නැවතුම්පොළ මුල්වරට ගොඩනැඟිලි පර්යන්තයක් සහිතව ආරම්භ කර ඇති අතර, 1999.07.16 බස්නැවතුම් පර්යන්තය ඉවත් කර පර්යන්ත දෙකකින් නැවත ඉදි කර ඇත. 2012.01.23 දින නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී බස් නැවතුම්පොළ භූමිය කාපට් අතුරා ඇති අතර, පසුව වරින් වර අලුත්වැඩියාවන් හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.

(ii) ඔව්. බස් නැවතුම්පොළ භූමියේ ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති නමුත් A9 මාර්ගය සම්බන්ධ වන ප්‍රධාන බස් නැවතුම්පොළක් බැවින්, දෛනිකව සංසරණය වන බස් රථ ප්‍රමාණය ඉතා අධික වේ.

එබැවින්, දෛනිකව බස් නැවතුම්පොළ භූමියේ විශාල මගී සංසරණයක්ද වන අතර, බස් රථ හැසිරවීමේදී යම් අපහසුතාවක් දක්නට ඇත.

(ආ) (i) ඔව්.

(ii) ඔව්. 2019 වර්ෂයේ උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියට වෙන් වී ඇති ප්‍රතිපාදන ඉතා සීමිත බැවින්, කැකිරාව බස් නැවතුම්පොළ භූමිය හා වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියනයක මුදලක් වෙන් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks