පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
322/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 492 - අමුණුවැටිය ග්‍රාම නිලධාරි වසමේ, කලාවැව කුඹුරුයාය මැදින් අලහප්පෙරුමගම දක්වා දිවෙන කෘෂි මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත්;
(ii) ගොවීන් 1000 ක් පමණ තමන්ගේ එදිනෙදා කටයුතු සිදු කිරීමට මෙම මාර්ගය යොදා ගන්නා අතර අස්වනු නෙලන සමයේ දී ඔවුන් තම අස්වැන්න මෙම කෘෂි මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමේදී බොහෝ දුෂ්කරතාවන්ට ලක්වන බවත්;
(iii) මෙම මාර්ගය අවුරුදු 30 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම මාර්ගය මේ වනතෙක් ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතුව කවරේද;
(ii) මේ සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) එම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
අබලන් තත්ත්වයේ පවතින පාරකි.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) 2018 වර්ෂයේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇස්තමේන්තුද සකස් කළ අතර, මෙම වර්ෂයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් එය ඉටු කිරීමට නොහැකි විය.
(ii) මෙම කෘෂි මාර්ගය 2019 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
(iii) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks