පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
252/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;
(ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
(vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
(ii)
(iii) සුළු පරිමාණ වාරිමාර්ග - සුළු වාරිමාර්ග යටෙත් ක්‍රියාත්මක කරන ලද රු.මිලියන 05ට අඩු ව්‍යාපෘති ඍජු කොන්ත්‍රාත් ලෙස අදාළ ගොවි සංවිධාන වෙත පවරා ඉටු කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික්කයන් වෙත ලබා දෙන අතර, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරු විසින් අදාළ කොන්ත්‍රාත් පිරිනමනු ලබයි.
මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - නැත.
(iv) සුළු පරිමාණ වාරිමාර්ග - ඉදිරිපත් කළහැකිය (ඇමුණුම 1)
මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - නැත.
(v) සුළු පරිමාණ වාරිමාර්ග
මධ්‍ය පරිමාණ වාරිමාර්ග
මහා පරිමාණ වාරිමාර්ග
(vi) සුළු පරිමාණ වාරිමාර්ග - අදාළ නොවේ.
මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - මධ්‍ය හා මහා වාරිමාර්ග ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේදී ඉඩම් පවරා ගැනීමක් සිදු කළ යුතු නොවේ. මෙම වැඩිදියුණු කිරීම මඟින් බලාපොරොත්තු වනුයේ එම ව්‍යාපාර සංවර්ධනය කොට හිඟයකින් තොරව ජය ලබා දීමයි. ඵලදායිතා ප්‍රවර්ධන හා වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (PEISEIP) සඳහා ඉංජිනේරු වාර්තා සකස් කර ඇත. තවද, අදාළ සියලු කාර්යයන් සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කර සැලසුම් කිරීමෙන් අනතුරුව ඇස්තමේන්තු සකස් කර ඇත.
(vii) නැත.
(viii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks