04

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0249/2019: පුරාවිද්‍යාත්මක ස්ථාන : ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

249/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ, ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

             (ii)      එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;

(iii) එසේ නම්, ඒවා කවරේද;

(iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       07

                         ස්ථානීය නාමාවලිය ඇමුණුම 01හි** දැක්වේ.

              (ii)       ඔව්.

              (iii)       ඇමුණුම 02හි** දැක්වේ.

              (iv)       03

                         ඇමුණුම 03හි** දැක්වේ.

              (v)       ඔව්.

                         සංරක්ෂණ අවශ්‍යතා මතුවන අවස්ථාවලදී ඒ සඳහා මැදිහත්ව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, මෙම ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks