04

E   |     |  

 දිනය: 2019-03-12   පිළිතුර ලබා දී ඇත 

0239/2019: “විසල් දඹුල්ල” ජල යෝජනා ක්‍රමය: විස්තර

239/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      “විසල් දඹුල්ල” ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ හා අවසන් කළ දින කවරේද;

             (ii)      ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

           (iii)      ඒ ය‍‍ටතේ  ලබා දී ඇති ජල සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;

(iv) එම ජල සම්බන්ධතා ලබා දී ඇති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හා ඒවායේ නම්   කවරේද;

(v) ජල දුෂ්කරතාවයන්ට මුහුණපාන මාතලේ දිස්ත්‍රික්කයේ සෙසු ජනතාවටද ජල සම්බන්ධතා ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහි ද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-12

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ආරම්භ කළ දිනය                          2012.03.06

                        අවසන් කළ දිනය                           2018.03.31

              (ii)      විදේශීය හා දේශීය බැංකු ණය මුදල් සහ ශ්‍රී ලංකා රජයේ මුදල් ද ඇතුළත්ව රුපියල් මිලියන 11,216.50ක් වැය කර ඇත.

              (iii)      2019.01.31 දින වන විට නව ජල සැපයුම් 3,126ක් ලබා දී ඇති අතර, දඹුල්ල, නාඋල සහ හබරණ යන ජල සම්පාදන ක්‍රමවල පැවැති පිළිවෙළින් 4,710ක්, 300ක් හා 966ක් වූ ජල සැපයුම් සංඛ්‍යාවක් සමඟ මුළු ජල සම්බන්ධතා 9,102ක් සඳහා මෙම ව්‍යාපෘතියෙන් ජලය සැපයේ.

(iv) ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 54කි.

දිස්ත්‍රික්කය

අංක

ග්‍රාම නිලධාරි වසම්

මාතලේ                                    

  1

යාපාගම

  2

දඹුල්ල නගරය

  3

රත්මල්ගහඇල

  4

පහළවැව

  5

අතුපාරයාය

  6

පොහොරන්වැව

  7

දඹුළුගම

  8

බුලාගල

  9

පැල්වෙහෙර

10

ඇටවරාහේන

11

ඉනාමළුව

12

මොරගොල්ලෑව

13

පුවක් අත්තාවල

14

යක්කුරාගල දකුණ

15

යක්කුරාගල උතුර

16

කලෝගහ ඇල

17

තල්කොටි

18

සීගිරිය

19

මයිලන්තෑව

20

හලු හපුල්ලන වැව

දිස්ත්‍රික්කය

අංක

ග්‍රාම නිලධාරි වසම්

මාතලේ      

21

වැලිහේන

22

කපුවත්ත

23

පන්නම්පිටිය

24

කිරලගොල්ල

25

එගොඩවැව

26

කිඹිස්ස

27

ඇඹුල්අබේ

28

තිත්තවැල්ගොල්ල

29

කණ්ඩලම

30

රත්මල්කටුව

31

පළුටාව

32

පොල්අත්තාව

33

අවුඩංගාව

34

දිගම්පතහ

35

සියඹලාවැව

36

බොබැල්ල

37

ලෙනදොර (උතුර)

38

ලෙනදොර (දකුණ)

39

ඇතාබැඳිවැව

40

සේරුදණ්ඩාපොල

41

කීරලැස්ස

42

හැරන්තැන්ගේ ගම

43

මඩාටුගම

44

දුනුමඩලාව

45

කිතුල්හිටියාව

46

කණ්ඩලම (බටහිර)

47

කණ්ඩලම (නැඟෙනහිර)

48

ආනකට්ටාව

අනුරාධපුර        

49

හබරණ

50

කාශ්‍යපගම

51

හිරිවඩුන්න / පින්සිරිගම

52

වායා උල්පත

53

කුඩාරඹාවැව

පොලොන්නරුව

54

මොරගස්වැව

 

(v) ජල දුෂ්කරතාවයන්ට මුහුණපාන මාතලේ දිස්ත්‍රික්කයේ පොදු ජනතාවට ජල සම්බන්ධතා ලබා දීමට පහත සඳහන් පියවර ගෙන ඇත.

1. ආසියානු සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක වන "පුරනැඟුම" ව්‍යාපෘතිය මඟින් දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ග්‍රාම නිලධාරි වසම් 72ක් ආවරණය කරමින් ජල සැපයුම් 10,500ක් පමණ ලබා දීමට අපේක්ෂිතය.

2. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් මාතලේ, පල්ලේපොල, යටවත්ත, උකුවෙල, රත්තොට, අඹන්ගඟ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 තුළ ග්‍රාම නිලධාරි වසම් 255ක වෙසෙන 353,000 පමණ පිරිසකට පානීය ජලය ලබා දීමට අපේක්ෂිතය.

3. විල්ගමුව කාලීක වකුගඩු අකරණ නිවාරණ (CKDU) ව්‍යාපෘතිය මඟින් කෙටි කාලීන විසඳුමක් ලෙස විල්ගමුව විහාරගම කලාපයේ නව ජල සැපයුම් 575ක් ලබා දීමට කටයුතු කර ඇත.

4. කෙටි කාලීන විසඳුමක් ලෙස විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 39ක ලීටර් 1,000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකි 515ක් ස්ථාපිත කර, ජල බවුසර් මඟින් ජලය ලබා දීමට කටයුතු කර ඇත.

5. දේශීය බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි ජල සම්බන්දන 7,500ක් ලබා දීමට කටයුතු කරමින් පවතී.

6. දේශීය බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ලග්ගල ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි වසම් 17ක් ආවරණය වන පරිදි ජල සම්බන්ධතා 5,500ක් ලබා දීමට කටයුතු කරමින් පවතී.

7. දේශීය බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන නාඋල ජල සම්පාදන ක්‍රමයේ මිලියන 90 ව්‍යාපෘතිය මඟින් ග්‍රාම සේවා වසම් 21ක් තුළ නව ජල සැපයුම් 200ක් ලබා දීමට කටයුතු කර ඇත.

8. ගලේවෙල පිබිදුනුගම ආවරණය කිරීම සඳහා ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

9. ගලේවෙල ඉහළබම්බාව ප්‍රදේශය ආවරණය කිරීම සඳහා නව ජල සම්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks