බලන්න

04

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0233/2019: ජාතික පාසල් : මාතලේ දිස්ත්‍රික්කය

233/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මාතලේ දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ බලප්‍ර‍දේශයේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      එම ජාතික පාසල්වල නම් කවරේද;

           (iii)      මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට සහ දැනට ඇති ජාතික පාසල් තවදුරටත් දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      

 මැතිවරණ බල ප්‍රදේශය

පාසල් සංඛ්‍යාව

මාතලේ

                  08

රත්තොට

                  01

ලග්ගල

                  01

දඹුල්ල

                  02

එකතුව

                  12

              (ii)

 

ජාතික පාසලේ නම

01

ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය, මාතලේ.

02

විජය මහා විද්‍යාලය, මාතලේ.

03

සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ.

04

ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ.

05

සහිරා විද්‍යාලය (මුස්ලිම්), මාතලේ.

06

ආමීනා ජාතික පාසල (මුස්ලිම්), මාතලේ.

07

පාක්‍යයම් මහා විද්‍යාලය (දෙමළ), මාතලේ.

08

මාතලේ හින්දු මහා විද්‍යාලය, මාතලේ.

09

අජ්මීර් මුස්ලිම් මහා විද්‍යාලය, උකුවෙල.

10

වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ.

11

රංගිරි දඹුල්ල ජාතික පාසල, දඹුල්ල.

12

ශ්‍රී නාග ජාතික පාසල, නාවුල.

(iii) ඔව්. දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමට සැලසුම් කරමින් පවතින අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ද ජන ඝනත්වයට සාපේක්ෂව නව ජාතික පාසල් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. තවද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පළාත් පාසල් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks