පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
231/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාදිපොළ, බෝමේරුව නමින් වත්තක් තිබෙන බවත්;
(ii) එහි ලයින් කාමරවල ජීවත් වන ජනතාවට යටිතල පහසුකම් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වත්තේ ජීවත් වන පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල්වලට අවශ්‍ය පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දනිමි.
(ii) දනිමි.
(ආ) (i) පවුල් සංඛ්‍යාව 30කි.
(ii) ඔව්.
රජයේ හා පෞද්ගලික වැවිලි සමාගම්වල සේවය කරන පේළි නිවාසවල ජීවත් වන ඉඩම් අහිමි ජනතාව සඳහා අවශ්‍ය නිවාස හා යටිතල පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබයි. ඒ අනුව වැවිලි ප්‍රජාව වෙත පර්චස් 07ක නිරවුල් ඔප්පු සහිත ඉඩමක පිහිටි තනි ඒකක නිවාස ලබා දීමටත්, නව ගම්මාන සංකල්පය අනුව යමින්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සැපයීමටත් අමාත්‍යාංශය ක්‍රියා කරනු ලබන අතර, නිවාස සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම ඇතුළු මූලික කටයුතු අදාළ වැවිලි සමාගම් මඟින් සිදු කරනු ලබයි. ඒ සඳහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් අදාළ වැවිලි සමාගම මඟින් දරනු ලබයි.
උක්ත ප්‍රශ්නය මතු කර ඇති "බෝමේරුව" වත්ත පිහිටි ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩමක් වන අතර, එම ඉඩමෙන් අක්කර 39ක කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් පුද්ගලික වැවිලිකරුවෙකු වෙත විකුණා ඇත. ඉහත සඳහන් කර ඇති පවුල් 30 එම අක්කර 39ක ඉඩම් සීමාවෙන් පරිබාහිරව ලයින් කාමර තුළ ජීවත් වන අතර, එම ලයින් කාමර පිහිටි ප්‍රදේශ ද කිසිදු වැවිලි සමාගමක පාලනයට යටත්ව නොමැත.
උක්ත ඉඩමෙහි අයිතිය නිරවුල් කර, අදාළ පවුල් වෙත ලබා දෙන්නේ නම්, ඒ හා සම්බන්ධ අදාළ අමාත්‍යාංශ වන ඉඩම් අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සාකච්ඡා කර, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ හැකි බව දන්වා සිටිමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks