පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
230/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ, නාවුල බෝවතැන්න ජලාශය අවට යෝධ නිදිකුම්බා ශාකය ව්‍යාප්ත වෙමින් පවතින බවත්;
(ii) එම නිසා ගොවි ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවනු ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මාතලේ, නාවුල බෝවතැන්න ජලාශය අවට යෝධ නිදිකුම්බා ශාකය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වී ඇත.
(ii) යෝධ නිදිකුම්බා ශාකය ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි ජනතාවට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ.
(ආ)
• මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලද අතර 2016 වර්ෂයේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව අමාත්‍යාංශය විසින් ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පාලනය සඳහා ක්‍රියා මාර්ග ගනු ලබයි. ඒ යටතේ අවශ්‍ය දැනුවත් කිරීම් හා ආක්‍රමණශීලි ජීව විශේෂ පාලනය හා මර්දනය සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශය විසින් පත් කර ඇති විශේෂඥ කමිටුව හරහා අදාළ ආයතන වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.
• මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් බෝවතැන්න ජලාශය අවට ව්‍යාප්ත වී ඇති යෝධ නිදිකුම්බා ශාකය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
• ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් 2016 හා 2018 වර්ෂවලදී පරිසර හා වන සංරක්ෂණ ක්‍රියාත්මක සැලැස්ම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන තුළින් පහත පරිදි බෝවතැන්න ජලාශය ආශ්‍රිතව යෝධ නිදිකුම්බා ශාකය ඉවත් කිරීමට හා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
ස්ථානය වැය කළ මුදල
ඉවත් කළ ප්‍රමාණය (හෙක්ටෙයාර)
• 2016 වර්ෂය - බෝවතැන්න
ජලාශ රක්ෂිතය රු.342,000.00 3.5
• 2018 වර්ෂය - බෝවතැන්න
ජලාශ රක්ෂිතය රු.775,000.00 7.13
• 2019 වර්ෂයේදී බෝවතැන්න ජලාශය ප්‍රදේශයේ යෝධ නිදිකුම්බා ඉවත් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පරිසර හා වන සංරක්ෂණ අංශය විසින් රුපියල් 2,000,000.00ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ අනුව යෝධ නිදිකුම්බා ශාකය ඉවත් කිරීමට අදාළ වැඩසටහන් 2019 වර්ෂයේ ද ක්‍රියාත්මක කරනු ලබයි.
• මෙවැනි ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම හා පාලනය සඳහා මහ ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කිරීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ප්‍රජාවගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks