පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
229/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මැතිවරණ කොට්ඨාසයේ, කයිකාවල වේරගම ගමේ ජීවත් වන ජනතාවට බීමට පිරිසිදු ජලය නොමැති වීමෙන් පීඩා විඳින බව දන්නේද;
(ii) එසේ නම්, එම ජනතාවට පානීය ජලය ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියේ උප ව්‍යාපෘතින් පහක් යටතේ මාතලේ, අඹන්ගඟ, උකුවෙල, උඩතැන්න, රත්තොට යන ප්‍රදේශවල ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු සිදු කරමින් පවතී.
ඒ අනුව උප ව්‍යාපෘතියක් වශයෙන් රුපියල් මිලියන 5,000ක් වැය කර රත්තොට මැතිවරණ කොට්ඨාසයේ උඩ වේරගම, මැද වේරගම, පහළ වේරගම, කයිකාවල යන ග්‍රාම සේවා වසම් ඇතුළුව ග්‍රාම සේවා වසම් 23ක් ආවරණය වන පරිදි ජල පහසුකම් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. මේ වනවිට එය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය 2021 වසරේ මැද භාගය වනවිට අවසන්කොට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks