පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
228/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රයිතලාවෙල සිට පූජාගොඩ දක්වා දිවෙන මාර්ගයක් තිබෙන බව දන්නේද;
(ii) මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා 2010 වර්ෂයේ සිට මේ දක්වා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) මෙතෙක් මෙම මාර්ගය කාපට් කර නොමැති බව දන්නේද;
(iv) එසේ නම්, මෙම මාර්ගය කඩිනමින් කාපට් කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්, එය කඩුවෙල සිට පූජාගොඩ ගමමැද මාර්ගය ලෙස හැඳින්වේ.
(ii) රුපියල් මිලියන 62කි.
(iii) දැනට මාස 02කට පෙර මූලික වැඩ ආරම්භ කර ඇත.
(iv) මෙම මාර්ගය මීටර් 1,000ක් දුරට ශුද්ධ කොට පස් තද කොට ඇත. ඉන් මීටර් 500ක් දුරට මාර්ගය පුළුල් කිරීම සඳහා දෙපස ABC දමා සකස් කර ඇත. මාර්ගයේ ආරම්භයේ ඇළ මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks