පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
225/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1999.07.02 දිනැති අංක 1086/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව පදනම් කර ගනිමින් 2005 වර්ෂයේ ගැසට් කර 2006 වර්ෂයේ තරඟ විභාගයක් පවත්වා, ඉන් සමත් වූ නිලධාරින් කොටසකට 2009.11.13 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති පත්වීම් ලබාදී ඇති බවත්;
(ii) එම තරඟ විභාගය පදනම් කරගනු ලැබූ අංක 212/2010/FR දරන හා 2012.01.26 දිනැති නඩු තීන්දුවට අනුව වර්ෂ 2010, 2012 සහ 2014 දී විදුහල්පති තනතුරු ලබා දී ඇති බවත්;
(iii) මෙම පත්වීම් 1999.07.02 දිනැති අංක 1086/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ලබා දී ඇතත් උසස්වීම් ලබා දීමේදී 2014.10.22 දිනැති අංක 1885/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නව ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අදාළ කොන්දේසි පදනම් කර ගත් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙලෙස එකම විභාගයකට මුහුණ දුන් පිරිසකට වසර ගණනාවක් තිස්සේ වරින් වර පත්වීම් ලබා දීම අසාධාරණ බවත්;
(ii) මෙලෙස උසස්වීම් ලබා දීමට කටයුතු කිරීමේදී නව සේවා ව්‍යවස්ථාව පදනම් කරගැනීමෙන් අතීතයට බලපාන පරිදි නව කොන්දේසිවලට යටත් කිරීම අසාධාරණ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2010 වර්ෂයේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදී නොමැති අතර, 2012.01.26 දිනට ක්‍රියාත්මක වන පරිදි අධිසේවක පදනම මත පත්වීම් ලබාදී, නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතාව හා පුරප්පාඩු මත පදනම්ව 2012.01.26 දිනට නිලධාරින් 1,044 දෙනෙකු හා 2014.01.01 දිනට නිලධාරින් 877 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කර ඇත.
(iii) ඔව්.
(ආ) (i) වරින්වර පත්වීම් ලබා දුන්නද එම පත්වීම් ලබාදීමේදී ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ ලකුණු මත පදනම්ව පත්වීම් ලබා දී ඇති බැවින් අසාධාරණයක් වී නොමැත.
(ii) අගතියක් සිදු වී නොමැත.
සේවා ව්‍යවස්ථා සංශෝධනයකදී සේවයේ නියැලී සිටින නිලධාරින් අගතියට පත් නොවන පරිදි නව සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
යම් සේවයක සේවා ව්‍යවස්ථාව සංශෝධනයේදී එම සේවයට අදාළ නිලධාරින් පැරණි ව්‍යවස්ථාවෙන් නව සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය වන අතර, ඉන්පසු එම නිලධාරින්ගේ අදාළ උසස්වීම් හා අනෙකුත් විධිවිධාන බලපවත්වනු ලබන්නේ අන්තර්ග්‍රහණය වූ නව සේවා ව්‍යවස්ථාව අනුව වේ.
එය සේවා ව්‍යවස්ථාව සංශෝධනය වූ රාජ්‍ය සේවයේ සියලු සේවාවලට අදාළ ක්‍රමවේදය වේ. එබැවින් අංක 1885/31 හා 2014.10.22 දිනැතිව ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති නව සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීමෙන් පසුව එම නිලධාරින්ගේ උසස්වීම් සිදුකරනු ලබන්නේද, එම අන්තර්ග්‍රහණය කරනු ලැබූ නව ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානවලට අනුකූලව වේ.
එසේම ව්‍යවස්ථාවක් අනුව බඳවා ගනු ලබන සියලු රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් ලිපිවල, එම බඳවා ගන්නා ලද සේවා ව්‍යවස්ථාවට දැනටමත් කර ඇත්තාවූ ද, මතුවට කළ හැකි වන්නාවූ ද සංශෝධනයන්ට යටත්ව එම නිලධාරින්ගේ පත්වීම් පාලනය වන බව දක්වා ඇත.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ගේ ද පත්වීම් ලිපියක 03 වගන්තියට අනුව, "1999 ජූලි 02 දිනැති හා අංක 1086/26 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති ශ්‍රී ලංකා විදුහල්පති සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයට දැනටමත් කර ඇත්තාවූ ද, මතුවට කළ හැකි වන්නාවූ ද සංශෝධනයන්ට යටත්ව එම ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධානයන්ගෙන් ඔබගේ පත්වීම පාලනය වනු ඇත." ලෙස දක්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks