පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
214/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කළ දිනය කවරේද;
(ii) එම වෙළඳ සංකීර්ණයේ රථගාල විවෘත කළ දිනයේ සිට එමඟින් ලංකා ධීවර සංස්ථාව වාර්ෂිකව ලැබූ ආදායම කොපමණද;
(iii) එම රථගාලේ ආදායමෙන් කොටසක් පෞද්ගලික සමාගමක් වෙත හිමි වන්නේද;
(iv) එසේ නම්, එම මුදල වාර්ෂිකව කොපමණද;
(v) එම මුදල එකතු කිරීම ඉහත පෞද්ගලික සමාගමට ලබා දී ඇත්තේ ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුවද;
(vi) එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අනෙක් සමාගම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2011 මාර්තු මස 26වෙනි දින.
(ii)
වර්ෂය
ලංකා ධීවර සංස්ථාව වෙත හිමිවන ආදායම
2011
රුපියල් දාහත්ලක්ෂ හතළිස් පන්දහස් දෙකයි හත හතළිස් හතරයි (1,745,002.44)
2012
රුපියල් දාහත්ලක්ෂ විසි දෙදහස් නවසිය හතළිස් දෙකයි (1,722,942.00)
2013
රුපියල් දහසය ලක්ෂ අනූ හත්දහස් පන්සිය හැට හතරයි ශත පහලවයි (1,697,564.15)
2014
රුපියල් දහසය ලක්ෂ විසිදෙදහස් නවසිය අනූ එකයි ශත හැත්තෑ පහයි (1,622,991.75)
2015
රුපියල් පහළොස් ලක්ෂ හැටඅට දහස් නවසිය අනූවයි ශත පණහයි (1,568,990.50)
2016
රුපියල් දහතුන්ලක්ෂ විසිඅට දහස් එකොලහයි හත පණහයි (1,328,011.50)
2017
රුපියල් හැටපන් ලක්ෂ විසිදෙදහස් පන්සිය දහසයයි (6,522,516.00)
2018
රුපියල් තිස්අට ලක්ෂ තිස්හත් දහස් අටසිය අසූහයයි ශත විසිපහයි (3,837,886.25)
මුළු ආදායම
රුපියල් දෙකෝටි හාරලක්ෂ පණස්නවදහස් හතරයි ශත පණස් නවයයි (20,045,904,59)
(iii) ඔව්.
(iv)
ඒ අනුව, රුපියල් අටකෝටි විසිඅටලක්ෂ හතලිස්අටදහස් තුන්සිය හැටදෙකක් එම සමාගමට ගිහිල්ලා තිබෙනවා. ඒ කියන්නේ සියයට 60ක්. සියයට 40ක් තමයි ධීවර සංස්ථාවට ලබා දීලා තිබෙන්නේ.
(v) ඔව්.
මේක 2011 මාර්තු 06 වන දින රාජපක්ෂ ආණ්ඩුවෙන් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කරලා තිබෙන්නේ. මෙවැනි ව්‍යාපෘතියක් කරනකොට ඒක ටෙන්ඩර් කරන්න ඕනෑ. පත්තරේ advertisements දාන්න ඕනෑ. නමුත් ඒ කිසි දෙයක් කළේ නැහැ කියා තමයි මට වාර්තා වෙලා තිබෙන්නේ. ඒ කිසිවක් නොකර, තුන්දෙනෙකුගෙන් tender documents අරගෙන තමන්ට අවශ්‍ය පුද්ගලයාට මේ ටෙන්ඩර් එක ලබා දීලා තිබෙනවා. අපේ රටට, ධීවර සංස්ථාවට හිමිවිය යුතු මුදලින් සියයට 60ක මුදලක් අයථා ලෙස අවුරුදු දහයක බදු පදනම මත ලබාදීලා තිබෙනවා. ඒක තමයි ප්‍රශ්නය. ගරු මන්ත්‍රීතුමනි, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ධීවර සංස්ථාවට කැබිනට් පත්‍රිකාවකින් භාරදීපු ආයතනයක්.
(vi) 1. Stafford Trafing Company
2. Power Asia (Pvt.) Limited
3. Way Forward (Pvt.) Limited
මිල ගණන් කැඳවීමක් මඟින් අදාල ආයතන මිල සැඳහුම් ඉදිරිපත් කර ඇති අතර, තාක්ෂණික ඇගයීම් කමිටුව මඟින් නිසි ඇගයීමකට ලක් කොට තම නිර්දේශ ඉදිරිපත් කරමින් Power Asia (Pvt.) Limited ආයතනය තෝරාගෙන ඇත. ඇමුණුම 01 බලන්න. එක් ආයතනයක් සැඳැහුම් ඉදිරිපත් කරන අවස්ථාවේදීම නිවැරදි පිරිවිතරයන්ට අනුකූලව තොරතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම තෝරාගැනීම හා ප්‍රදානය කිරීම පිළිබඳව අදාළ ආයතන වෙත දැනුම් දී ඇත. ඇමුණුම 02 බලන්න.
මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත, - පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කළමනාකරණ භාරයේ සභාපතිනිය මඟින් - 2011.03.04 දිනැති ලිපිය මගින් දැනුම් දීමට කටයුතු කර ඇත. ඇමුණුම 03 බලන්න.
මීට අදාළ ගිවිසුම ඉදිරිපත් කර ඇත. ඇමුණුම 04 බලන්න.
ඇමුණුම් සියල්ල සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks