01

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0195/2019: ශ්‍රී ලංකා දූත මණ්ඩල නියෝජිතයන්: විස්තර

195/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විදේශයන්හි මේ වනවිට සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල නියෝජිතයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒ අය අතර ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන හෝ ද්විත්ව පුරවැසිභාවය සහිත හෝ  පුද්ගලයන් සිටින්නේද;

(iii) එසේ නම්, ඔවුන් පුරවැසිභාවය ලබා ඇති රට සහ ඔවුන් මේ වනවිට සේවය කරනු ලබන රටවල්  කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වන විට මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දරන දූත මණ්ඩල නියෝජිතයන් සංඛ්‍යාව 256කි.

              (ii)       ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති නිලධාරින් දෙදෙනෙකු සේවය කරනු ලැබේ.

             (iii)      

පුරවැසිභාවය ලබා ඇති රට

සේවය කරනු ලබන රට

ඕස්ට්‍රේලියාව

නෝර්වේ

එක්සත් රාජධානිය

එක්සත් රාජධානිය

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තිලක් මාරපන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks