01

E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

0161/2019: පළාත් පාලන ආයතන යටතේ පවතින මාර්ග ප්‍රතිසංස්කරණය: බදුල්ල දිස්ත්‍රික්කය

161/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ, පළාත් පාලන ආයතන යටතේ පවතින මාර්ග පද්ධතියේ දුර කිලෝමීටර් කොපමණද;

             (ii)      යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණයට ලක් කරනු ලැබූ පළාත් මාර්ග සංඛ්‍යාව කොපමණද;

(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සතු මාර්ග බොහොමයක් ඉතා දැඩි ලෙස අබලන් වී ඇති බැවින්, එම මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

 

 

              (ii)      ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

 

 

 

             (iii)      මෙම අමාත්‍යාංශය මඟින් විදේශාධාර යටතේ ක්‍රියාත්මක කරන “නැඟී එන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය - RIDEP" යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අයත් ඇමුණුම 03හි සඳහන් මාර්ග සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම මාර්ගවල මූලික සැලසුම්  නිර්මාණය හා විමර්ශන කටයුතු මේ වන විට සිදුකරමින් පවතී. 2021 වර්ෂය වන විට එම මාර්ගවල සියලු සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතය. ඇමුණුම සභාගත* කරමි.

එසේම, 2017 වර්ෂය තුළ පුරනැඟුම (අතිරේක ප්‍රතිපාදන) ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරන ලද මාර්ගවල තොරතුරු ඇමුණුම 04මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks