01

E   |     |  

 දිනය: 2019-09-03   පිළිතුර ලබා දී ඇත 

0160/2019: "ගමකට වැවක්" වැඩසටහන: බදුල්ල දිස්ත්‍රික්

160/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ගමකට වැවක්” වැඩසටහනේ අරමුණු කවරේද;

             (ii)      එම වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාසයෙන් තෝරාගෙන ඇති වැව් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙම වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිපුර වැව් සංඛ්‍යාවක් තෝරා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         මෙම වැඩසටහනේ නාමය "වැවක්/කළපුවක් සමඟ ගමක්" ලෙස නිවැරදි විය යුතුය.

                        එහි අරමුණු පහත පරිදි වේ.

  • මිරිදිය වැව් කළපු හා මුහුදු ආශ්‍රිතව ධීවර කර්මාන්තයෙහි නිරත වන ධීවර ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවීම.
  • වසර 03ක කාලයක් තුළ ධීවර කර්මාන්තය හා සම්බන්ධ සෘජු හා නව රැකියා අවස්ථා 11,000ක් සහ සෘජුව ධීවර කර්මාන්තයට සම්බන්ධ නොමැති ඒ ආශ්‍රිත නව රැකියා අවස්ථා 4,000ක් ජනනය කිරීම.
  • ධීවර කර්මාන්තයට අදාළව සමාජ සහ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  • වැව් හා කළපු ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් හා පරිසර දූෂණය වැළැක්වීම තුළින් සුන්දර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම.

(ii) 2017, 2018 වර්ෂ සඳහා වැවක් සමඟ ගමක් වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාසවලින් තෝරා ගන්නා ලද වැව් පහත දැක්වේ.

මැතිවරණ ප්‍රාදේශීය ලේකම  වැවේ නම

කොට්ඨාසය  කොට්ඨාසය

 

 

මහියංගනය මහියංගනය   රත්කිඳ වැව                                සොරබොර වැව රිදීමාලියද්ද දම්බරාව වැව

 

වියලුව මීගහකිවුල ලොක්ගල්ඔය

 

(iii) වෙන් කරන ලද ප්‍රතිපාදන සීමාව තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණ  වන පරිදි එක් දිස්ත්‍රික්කයක් තුළින් ගම්මාන 02ක් තෝරා ගැනීමට නියමිත වේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2019-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks