පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
145/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ නායයෑමේ අවදානමට ලක්විය හැකි යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇති ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ස්ථානවල නම් කවරේද;
(iii) එම අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-19
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) හඳුනාගෙන ඇති ස්ථාන සංඛ්‍යාව 1,593කි.
(ii)
(iii)
Ø බදුල්ල දිස්ත්‍රික්කයේ මීරියබැද්ද නායයෑමෙන් අවතැන් වූ පවුල් 70ක් දැනටමත් වෙනත් ස්ථානයන්හි නැවත පදිංචි කර ඇති අතර, එම දිස්ත්‍රික්කයේ ඉහත හඳුනා ගත් අධි අවදානම් සහිත ප්‍රදේශයන්හි ජීවත් වන වතු පවුල් 729ක් සහ ගම්මාන ආශ්‍රිතව ජීවත් වන පවුල් 1,508ක් ආරක්ෂිත ස්ථානයන්හි නැවත පදිංචි කිරීමේ කටයුතු සැලසුම් කර ඇත.
Ø නායයෑම් අවම කරන ක්‍රමෝපායයන් භාවිතා කර, නායයෑම් හා අස්ථාවර බෑවුම් ස්ථායී කටයුතු පසුගිය වසර තුළ ප්‍රමුඛතා පදනම මත ඉටු කර තිබේ. මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 200ක රාජ්‍ය ප්‍රතිපාදන හා විදේශාධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිද අඩංගුය. නායයෑම් අවමකරණ ව්‍යාපෘති තව දුරටත් ක්‍රියාත්මක අතර, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් ස්ථාන 19ක අවමකරණ කටයුතු සැලසුම් කර තිබේ.
Ø ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පහත සඳහන් ක්‍රියාකාරකම් මඟින්ද ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත.
· නැයයෑම් ආපදා කලාප සිතියම් සහ විශේෂ භූ සමීක්ෂණ මඟින් නායයෑම් ප්‍රවණතාවක් සහිත ස්ථාන හා අවදානමට ලක්වන ප්‍රජාව හඳුනා ගැනීම.
· තත්කාලීන නායයෑම් පූර්ව අනතුරු දැනුම් දීම.
· ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘතිවලදී නායයෑම් අවදානම අවම වන පරිදි සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන නිර්දේශ ලබා දීම.
· ව්‍යුහාත්මක හා වෙනත් ක්‍රමවේදයන් මඟින් නායයෑම් ආපදා අවමකරණය.
· පාසල් ශිෂ්‍ය / ශිෂ්‍යාවන්, ජනතාව සහ අදාළ ආයතන දැනුවත් කිරිම.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks