පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
142/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම එක් එක් පාසලේ දැනට සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව හා ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම, ශිෂ්‍යයන්ගෙන් මුදල් අයකිරීම වැනි කටයුතු නියාමනය කිරීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-10
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වර්තමානයේ ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත/ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියා පදිංචි කිරීමෙනි. එම නිසා මෙම පාසල් පිළිබඳව නිවැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවේ.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති තොරතුරු අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව 07කි.
(ii)
|
No. |
District |
School |
Address |
|
1 |
Badulla |
JMC College International |
645/5, Badulla Rd., Bandarawela. |
|
2 |
Badulla |
Al-Barakha International School |
65/17, Welimada Rd., Bandarawela. |
|
3 |
Badulla |
Welimada International School |
Nuwara Eliya Rd., Welimada. |
|
4 |
Badulla |
Oxford International School |
3/1, Copiwatta Rd., Badulla. |
|
5 |
Badulla |
B. Roosevelt International School |
“A”, Bandarawela Av., Colombo Rd., Diyatalawa. |
|
6 |
Badulla |
Sussex College |
Badulla. |
|
7 |
Badulla |
Sussex College |
Bandarawela. |
(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු සපයා ඇති ජාත්‍යන්තර පාසල් 7න් ගුරු සංඛ්‍යාව හා ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ දත්ත සපයා ඇත්තේ පාසල් 04ක් පමණි. එම පාසල් හතරෙහි ගුරු සංඛ්‍යාව හා ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ.
|
ජාත්‍යන්තර පාසලේ නම |
ගුරු සංඛ්‍යාව |
ශිෂ්‍ය සංඛ්‍යාව |
|
ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසල (JMC International School) |
19 |
117 |
|
අල් - බරකා ජාත්‍යන්තර පාසල ( Al-Barakha International School) |
34 |
444 |
|
ඕක්ස්ෆර්ඩ් ජාත්‍යන්තර පාසල (Oxford International School) |
36 |
334 |
|
බී.රෝස්වල්ට්/රූස්වෙල්ට් ජාත්‍යන්තර පාසල ( B. Roosevelt International School) |
8 |
33 |
(iv) මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියා පදිංචි කර නොමැති බැවින්, ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය කිරීම වැනි කාරණා පිළිබඳ සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ප්‍රතිපාදන නොමැත. ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇත.
(ආ) පෞද්ගලික පාර්ශ්වයකට පාසල් ආරම්භ කළ හැකි වන පරිදි, 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තිය සංශෝධනය කරන තෙක්, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියා පදිංචි කිරීමට හෝ ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නෛතික බලයක් නැත.
පිළිතුරු දුන් දිනය
2019-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks