01

E   |     |  

 දිනය: 2019-05-24   පිළිතුර ලබා දී ඇත 

0140/2019: ශ්‍රී ලංගම බස් රථ ඇණිය : විස්තර

140/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම බස් රථ අතරින් ධාවනයේ යෙදවීමට සුදුසු තත්ත්වයේ ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;

           (iii)      ධාවනයට නුසුදුසු මට්ටමේ ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;

(iv) එම බස් රථ අලුත්වැඩියා කිරීමට අමාත්‍යාංශය ගත් පියවර කවරේද;

(v) ලංගම බස් රථ ඇණිය ශක්තිමත් කිරීමට අලුතින් බස් රථ ආනයනය කිරීමට සැලසුම් කර තිබේ නම්, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) බස් රථ 6942යි.

(ii) බස් රථ 6509යි.

(iii) බස් රථ 433යි.

(iv) 2019 වර්ෂයට බස් රථ නඩත්තුවට සහ අලුත්වැඩියාවට රුපියල් මිලියන 1,250ක් වෙන් කර ඇත.

මාසික බස් රථ අලුත්වැඩියාවට අමතරව ධාවනයට නුසුදුසු බස් රථ 433න් අවුර‍ැදු 15ට අඩුවෙන් ධාවනය කර ඇති බස් රථ 60ක් බස් රථ පුනරුත්ථාපන අරමුදලින් අලුත්වැඩියා කරනු ලැබේ.

(v) ඔව්.

ඩිපෝ මඟින් සම්පූර්ණ මුදල ගෙවා වායු සමනය කරන ලද බස් රථ 09ක් මිලදී ගැනීම

ඩිපෝ මඟින් කල්බදු ක්‍රමයට පහත සඳහන් පරිදි බස් රථ මිලදී ගැනීම

ආසන 50 - 54 අතර බස් රථ 272ක්

ආසන 32 - 35 අතර බස් රථ 53ක්

වායු සමනය කරන ලද බස් රථ 37ක්

ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආසන 50 - 54 අතර, (උස් පසුපස සහිත) බස් රථ 400ක් සහ ආසන 32-35 අතර බස් රථ 100ක් මිලදී ගැනීමට නියමිතය.

2019 වර්ෂයේ අය වැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 1500න්, ආරක්ෂිත හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකර පහසුකම් සහිත (පහත් පතුල සහිත) බස් රථ මිලදී ගැනීමටද කටයුතු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.‍

පිළිතුරු දුන් දිනය

2019-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks